ප්‍රසන්නගේ විදෙස් ගමන් තහනම ඉවතට

0 Nov 01, 2018 01.14pm Gossip

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට මේ මස පස්වන දා සිට 11  වනදා දක්වා කාලසීමාව තුළ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා චීනයට යාමට අවශ්‍ය ඇති බවයි.

ඒ සඳහා දැනට අධිකරණය මඟින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම අදාළ කාලසීමාව තුළ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විත්තිකරුට අදාළ කාල සීමාව සඳහා විදේශගත වීමට අවසර ලබාදුන් අතර නඩු විභාගය ජනවාරි මස 17  වනදා පැවැත්වීමට තීන්දු කළේය.

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු ඉඩමක් ගොඩ කර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් බලහත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබුණි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post