නොච්චියාගමදී අවුරුදු තුනක දියණියට නරුම පියා අතවර කරලා

0 Aug 06, 2018 10.31am Gossip

වයස අවුරුදු තුනක තම දියණිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ කළ විසිහත් හැවිරිදි පියකු අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.

4 වැනිදා කටුපත්වැව පන්වැව ප්‍රදේයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේදී මොහු බීමත්ව සිටි බව ද පොලිසිය පැවසීය. පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති පරිදි දැරියගේ මව දැරියට මාස දෙකක්‌ වන විට පියා අතහැර ගොස්‌ ඇති අතර, ඇය මේ වන විට මොරටුව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරනු ලබයි. දියණිය පනස්‌හත් හැවිරිදි මිත්තණිය විසින් රැකබලා ගන්නා අතර මිත්තණියත්, පියාත්, දියණියත් එකම නිවසක ජීවත් වෙයි. මිත්තණියගේ දියණියන් දෙදෙනෙකු ළමා නිවාසවල ජීවත්වන අතර සිද්ධිය වූ 04 දින උදෑසන 6.30 ට පමණ දැරිය පියාට භාරකළ මිත්තණිය අවන්තිදේවි ළමා නිවාසයේ සිටින තම දියණියක්‌ බැලීමට ගොස්‌ ඇත. එම අවස්‌ථාවේදී මෙම පියා දැරිය අපයෝජනයට ලක්‌ කර ඇත.

පොලිසිය වෙත ප්‍රකාශයක්‌ ලබා දෙමින් මිත්තණිය පවසා ඇත්තේ තමන් ළමා නිවාසයට ගොස්‌ දහවල් එකයි තිහට පමණ නැවත නිවසට පැමිණෙන විට නිවසේ ඉදිරිපස සහ පසුපස දොරවල් වසා තිබූ නිසා විමසිලිමත්ව බලන විට නිවස තුළින් දියණිය හඬන ශබ්දයක්‌ ඇසුන නිසා ජනෙල් කවුළුවකින් බලන විට දැරියගේ පියා දැරියට අතවර කරනු දුටු බවයි. පසුව පසුපස දොරින් ඇතුළු වී අසල තිබූ ලීයක්‌ රැගෙන දැරියගේ පියාට පහර කිහිපයක්‌ ගසා දියණිය ඉවතට ගෙන කෑ ගැසු බවයි.පසුව අසල්වාසීන් පැමිණ පොලිසියට හා ග්‍රාම නිලධාරි මහතාට දුරකථනයෙන් දැනුම් දී ඇත. එම ස්‌ථානයට පැමිණි වසම භාර ග්‍රාම නිලධාරි මහතා සහ ප්‍රදේශවාසීන් එක්‌ව සැකකාර පියා රඳවාගෙන සිට පොලිසිය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 5 වැනිදා තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 

දැරිය නොච්චියාගම දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කිරීම සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යෑවීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

නොච්චියාගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චන්දන ප්‍රසාද් ජයතිලක මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක නිහාල් මහතාගේ මෙහෙයවීමෙන් කොස්‌තාපල්වරුන් වන (47923) ජයසිරි, (47911) තිලකරත්න, (35096) කඹුරාවල, කාන්තා පොලිස්‌ කොස්‌තාපල් (8062) උමායා යන මහත්ම මහත්මීහු පරීක්‍ෂණ කටයුතු සිදුÊකරති.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post