සාප්පුවක ඇඳුම් තෝරමින් සිටි කාන්තාව ඇතුළේ දමා දොරවල් වසා හිමිකරු හා සේවිකාවන් පිටවෙලා

0 Aug 03, 2018 09.58am Gossip

ඇඳුමක්‌ තෝරා ගැනීමට නගරයේ රෙදිපිළි සාප්පුවකට පැමිණි කාන්තාවක්‌ සාප්පුව තුළ සිටියදී සාප්පුව වසා දමූ සාප්පු හිමියා සහ සේවිකාවන් හදිසි උත්සවයකට සහභාගිවීමට යැම නිසා පැයකට ආසන්න කාලයක්‌ එම කාන්තාව සාප්පුව තුළ සිරකාරියක්‌ බවට පත්වීමේ සිද්ධියක්‌ පසුගියදා හෙට්‌ටිපොල නගරයෙන් වාර්තා විය.
 
 දහවල් 12 ට පමණ සාප්පුවට පැමිණි එම කාන්තාව ඇඳුම් තෝරමින් සිටියදී එදින දහවල් කොබෙයිගනේ නගරයේ විවෘත කිරීමේ උත්සවයකට සාප්පු හිමියා සහභාගිවිය යුතු බව සිහිවීමත් සමග ඉදිරිපස වීදුරු දොරවල් වසා දැමූ පිරිස පිටත්ව ගොස්‌ ඇත. 
 
 ඇඳුම් කීපයක්‌ තෝරා මුදල් ගෙවීමට පැමිණි කාන්තාවට සාප්පුව තුළ කිසිවෙකුත් නොමැති බව දැන පිටව යාමට සැරසෙද්දී ප්‍රධාන දොරටුවද වසා දමා ඇති අයුරු දැක බියට පත්ව ඉදිරි වීදුරුවට ගසමින් කෑ ගසා ඇත.
 
 කාන්තාවක ඇතුලේ සිට වීදුරුවට ගසනු දුටු කීපදෙනෙක්‌ දිවගෙන විත් බලනවිට සිදුවී ඇති දේ තේරුම් ගෙන සාප්පු හිමිකරුට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් වහා පැමිණ කාන්තාව මුදාහැර ඇත.
 
 ඔවුන් කාන්තාවටත් කාන්තාව ඔවුන්ටත් දොaෂාරෝපණය කිරීමෙන් පසුව ඇය පොලිසියට මෙම සිද්ධිය පැමිණිලි කරන බව කියමින් හෙට්‌ටිපොල පොලිසිය දෙසට ගමන් කර ඇත.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post