පිටකොටුවෙන් ගණිකාවෝ 100ක්‌ මාට්‌ටු - පොකට්‌ ගැසූ 100 කුත් අල්ලයි

0 Aug 02, 2018 10.19am Gossip

මෙම වසරේ (2018) ගතවූ මාස හතරේදී පිටකොටුවේ මුදල් පසුම්බි සොරා ගන්නන් (පික්‌ පොකට්‌කරුවන්) 100 දෙනකු සහ ගණිකාවන් 100 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි පිටකොටුව පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නලින් හෙට්‌ටිආරච්චි මහතා 'දිවයින'ට ඊයේ (01 වැනිදා) පැවසීය.

මෙම මුදල් පසුම්බි සොරා ගත් සැකකරුවන් අතරේ කාන්තාවන් සිටින බවද ඒ මහතා කීය.

අත්අඩංගුවට ගත් මුදල් පසුම්බි සොරා ගන්නා සැකකරුවන් අතරේ ප්‍රධාන පෙළේ මුදල් පසුම්බි සොරා ගන්නා සැකකරුවන් 20 දෙනකු ද වෙති. 

මුදල් පසුම්බි සොරා ගැනීමේ නිරත වූ සැකකරුවන් බොහෝ දෙනකුම මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් බව හෙළිවිණැයි ද ඒ මහතා කීය. මෙම සැකකරුවන් හා සැකකාරියන් සියලු දෙනාම කොළඹින් පිට පළාත්වල පදිංචි අය බවත්, මොවුන් බොහෝ දෙනකුම මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බවත් හෙතෙම කියා සිටියේය. පිටකොටුවේ භාණ්‌ඩ මිලදී ගැනීමට පැමිණෙන ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්‌ථානවල සහ මගීන් වැඩි දෙනා බස්‌ රථවලට ගොඩ වන අවස්‌ථාවලදී මුදල් පසුම්බි වැඩි වශයෙන් සොරා ගෙන ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් මුදල් පසුම්බි සොරා ගන්නා ලද සැකකරුවන් අවුරුදු 20 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බව හෙළිවිණැයිද පොලිසිය පවසයි.

p17 3මීට අමතරව අත්අඩංගුවට ගත් ගණිකාවන් ද බොහෝ දෙනකු මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටින අය බව හෙළිවිණැයි ද පොලිසිය කීය. මොවුන් ද ගණිකා ඇසුර පතා පැමිණෙන පුද්ගලයන්ගේ මුදල් පසුම්බි සොරාගෙන ඇතැයි හෙළි වූ බවද පොලිසිය කියයි. 

මුදල් පසුම්බි සොරා ගන්නා සැකකරුවන් ගැන තොරතුරු වේ නම් 0112-320470 යන පිටකොටුව පොලිසියේ දුරකථන අංකයට දැනුම් දෙන්නැයිද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 

කොළඹ මධ්‍යම කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත පනාමල්දෙණිය මහතාගේ අධීක්‌ෂණය යටතේ පිටකොටුව පොලිස්‌ ස්‌ථානාධිපති, ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක නලින් හෙට්‌ටිආරච්චි මහතාගේ උපදෙස්‌ මත දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක හේරත්, අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක අනුරජිත් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post