දැරියක දූෂණය කළැයි ඇල්ලූ සැකකරු පොලිසියේදී වස බීලා
0 Jul 30, 2018 10.27am Gossip

බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු සිකුරාදා (28 දා) රාත්‍රියේ වස වර්ගයක් පානය කිරීම නිසා රෝගාතුරවී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
තිස් දෙහැවිරිදි සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත. පුත්තලම පොලිස් වසමේ සිදුකර ඇතැයි කියන අපරාධයට සම්බන්ධ සැකකරු වැලිකන්ද ප්‍රදේශයට පැමිණ සැඟවී සිටියදී වැලිකන්ද පොලිසියට ලැබුණු තොරතුරක් මත ඉකුත් 28 වැනි දින අත්අඩංගුවට ගෙන පසුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී මෙසේ වස පානය කර තිබෙන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය නැතැයි වෛද්‍යවරු කීහ.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සි විඡේසේන මහතාගේ උපදෙස් පරිදි පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )
පුවත්
-
ගෝලීය වෙළෙඳපොළින් වාසි සහිතව අරමුදල්
Feb 22, 2019 10.12am Views 0 Read More...ගෝලීය මූල්‍ය වෙළෙඳපොළින් රටට වාසිදායක අයුරින් අරමුදල් ලබාගැනීමට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය
-
වසර 13ක රජයේ වැඩපිළිවෙළ අධ්‍යාපනයේ විප්ලවීය පියවරක්
වත්මන් රජය හඳුන්වා දුන් 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ මෙරට අධ්‍යාපනයේ විප්ලවීය පියවරක් බවද,
-
ඩොලර් මි. 2000ක මුදල් යෝජනාවට කැබිනට් අනුමැතිය
දැනට කැරගෙන යනු ලබන සහ අලුතින් ආරම්භ කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඇමරිකානු -
කෝටි 700 දියමන්තිය සොරාගත් මධුෂ්ගේ ගෝලයා කසුන් දැලේ
මහරගම, ඇරව්වල ප්‍රදේශයේ පිහිටි මැණික් ව්‍යාපාරකයකු සතුව තිබු රුපියල් කෝටි 700 ක් පමණ වටිනා -
රටට අවශ්‍ය පුළුල් ජාතික බලවේගයක්
රටට ආදරය ඇති සියලු දෙනා එක්විය යුතු බව ජනපති කියයි -
උතුරේ සංවර්ධන වැඩ කඩිනම් කිරීමට මධ්‍යම ආණ්ඩුවේ සහාය ලබාදීමට සූදානම්
උතුරු පළාත් සභාව මගින්, උතුරේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් තවදුරටත් -
අවිවාහකයන්ට සෙත: ගොවි සමුප ගම්මානවලට අනුමැතිය
මෙරට ලක්ෂ සංඛ්‍යාත අවිවාහක තරුණයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ගොවි සමුපකාර ගම්මාන’ වැඩසටහනට