මන්ද මානසික දුවට අතවර කර නරුම පියා ගමෙන් පනී!

0 Jul 28, 2018 10.20am Gossip

පියා විසින් මන්දමානසික තම දැරිය අතවරයට ලක්‌කොට ඇති බැව් නාගොඩ පොලිසිය පවසයි.
 
 දෙදරු පියා විසින් වයස අවුරුදු පහළොවක්‌ හා මාස 09 ක්‌ වියෑති මෙම දැරිය අතවරයට ලක්‌කොට ඇති අතර මෙම දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කොට ඇත. ඇය දරු දෙදෙනා හා පුරුෂයා සමග නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියි.
 
 දැරියගේ මව තම පුතා සමග කරාපිටිය ශික්‌ෂණ රෝහලේ දින තුනක්‌ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇත. එම දිනවල නිවසේ සිට ඇත්තේ පියා හා මන්දමානසික දැරිය පමණි. පියා තමන්ට අතවර කළ බව දැරිය පැවසූ බව කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
 
 දැරිය අධිකරණ වෛද්‍ය පරීකAෂණයක්‌ සඳහා යොමුකොට ඇත. සැකකාර පියා ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇත. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නාගොඩ පොලිසිය පරීකAෂණ පවත්වයි.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post