පිරිවෙන් ගුරුවරයා සිසුවාට අතවර කරලා... සැකකරු අක්‌මීමන පොලිස්‌ දැලේ

0 Jul 26, 2018 09.49am Gossip

පිරිවෙනක අධ්‍යාපනය ලබන පහළොස්‌ හැවිරිදි වියේ පසුවන බාලවයස්‌කාර සිසුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කළ එම පිරිවෙනේ සේවය කරන ගුරුවරයකු අක්‌මීමන පොලිසිය විසින් පෙරේදා (24 දා) අත්අඩංගුවට ගෙන ඇත. 
 
 මෙම පිරිවෙන් ගුරුවරයා උපකාරක පංති ඉංගී්‍රසි ගුරුවරයකු ලෙස කටයුතු කරන අයෙකු බවද පොලිසිය කියයි. 
 
 අපයෝජනයට ලක්‌වූ පිරිමි දරුවා මෙකී උපකාරක පංති ගුරුවරයාගේ නිවසේ නතරවී පිරිවෙන් ගොස්‌ තිබේ. මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට උපකාරක පංති ගුරුවරයා විසින් මෙම සිසුවා වරින් වර ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇති බැව් පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ. පිරිවෙන් යැමට නොහැකි බව සිසුවා හඬමින් තම පියාට පවසා තිබේ. පසුව සිසුවා සියල්ල පියාට පවසා ඇත.. සිසුවාගේ පියා මේ ගැන පෙරේදා (24 දා) අක්‌මිමන පොලිසියට පැමිණිලිකොට තිබේ. ඒ අනුව පොලිසිය විසින් උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (25 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අක්‌මීමන පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පො. ප. නිශාන්ත ද සිල්වා, පො. ප. රණවීර පො. සැ. (59111) සරත්චන්ද්‍ර, (28097) තිලක්‌, පො. සැ. (3120) ජයන්ත, පො. කො. (75343) මධුසංක, කා.පො.කො. (2903) උදයාංගනී යන නිලධාරීහු පරීක්‌ෂණවලට සහාය වූහ

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post