විත්තිකාර නැන්දම්මා වෙනුවට බෑනා විත්ති කූඩුවට නැගලා!!!

0 Jul 25, 2018 10.56am Gossip

මදුරුවන් බෝවන අයුරින් නිවෙස්‌ අවට පරිසරය පවත්වාගෙන යැමේ චෝදනා සම්බන්ධයෙන් තම නැන්දම්මා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි බෑනාට තරයේ අවවාද කළ ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා 20 වැනිදා විවෘත වරෙන්තු නිතුත් කළේය. යක්‌කල සහ බැණ්‌ඩියමුල්ල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් නඩු පවරා තිබූ පද්මිනී දිසානායක නමැත්තියව අත්අඩංගුවට ගැනීම සඳහා මෙසේ විවෘත වරෙන්තු නිතුත් කරනු ලැබීය.
 
 එම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේ විත්තිකාරිය වෙනුවට පුද්ගලයකු විත්ති කූඩුවට නගිනු ලැබීය. තෝල්ක මුදලි විසින් පද්මිණී දිසානායක තමා දැයි අසනු ලැබීය. එවිට එම පුද්ගලයා විවෘත අධිකරණය හමුවේ පවසා සිටියේ කිය වුණේ නැන්දම්මාගේ බවත් ඔහු බෑනා බවත්ය. එම පුද්ගලයාට විත්තිකූඩුවෙන් බසින ලෙසට අවවාද කෙරිණි. 
 
 කිසිදු නීතිඥ සහායක්‌ නොමැතිව තමාට අසාධාරණයක්‌ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් සිදු කර ඇති බව එම පුද්ගලයා විවෘත අධිකරණය අමතා කලහකාරී ලෙසින් වචන පාවිච්චි කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ එම පුද්ගලයාට නඩුවේ ස්‌වභාවය පැහැදිලි කර දීමට මහෙස්‌ත්‍රාත්වරයා කාරුණික වූ අතර පසුව ඔහුට අවවාද කර සැකකාරියට විවෘත වරෙන්තු නිකුත් කළේය.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post