දෙපානම පියා ඝාතනයට පුතාලා අත්අඩංගුවට - කරන කරදර ඉවසන්න බැරිම තැන තාත්තා මරන්න තීරණය කළා - සැකකරුවෝ පොලිසියට කියති

0 Jul 09, 2018 11.23am Gossip

මීට දින 9කට ඉහතදී බණ්‌ඩාරගම, මැදගම, බොල්ගොඩ ගඟපහළ ප්‍රදේශයේදී තියුණු මන්නයකින් පහරදී සිය පියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඔහුගේ පුතුන් දෙදෙනා පෙරේදා (07 වැනිදා) අත්අඩංගුවට ගත්බව බණ්‌ඩාරගම පොලිසිය පවසයි.

තම මවට හා විවාහ වී සිටින බිරින්දැවරුන් දෙදෙනාට තම පියාගෙන් නිතර නිතර සිදුවන හිරිහැර හා අතවර ඉවසනු නොහැකිවීමෙන් පියා මරාදැමූ බව සැකකාර පුතුන් දෙදෙනා පොලිසියේදී පාපොච්චාරණය කර තිබේ.

පසුගිය 28 වැනිදා මෙලෙස ඝාතනයට ලක්‌ව තිබුණේ මහරගම, පන්නිපිටිය, දෙපානම, වීර මාවතේ පදිංචිව සිටි දෙද්දුව ජයතුංගගේ මනෝඡ් ප්‍රසන්න (52) නමැති පෙදරේරුවෙකි.

සිය පියා නිවසින් අතුරුදන් බවට ඔහුගේ එක්‌ පුත්‍රයකු මහරගම පොලිසියට පැමිණිලි කර තිබූ අතර, එහිදී පොලිසිය විමර්ශනය කරමින් සිටියදී එම පියාගේ මළ සිරුර බණ්‌ඩාරගම, බොල්ගොඩ ඇළේ තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

මෙහිදී පොලිසියට පාපොච්චාරණය කළ සැකකාර පුතුන් දෙදෙනා මෙසේ පවසා තිබේ.

"තාත්තා අම්මට හැමවෙලාවෙම හිරිහැර කරනවා. බීලා ඇවිත් හැමදාම කරදර කරනවා. අපේ වයිµaලටත් ඉන්න දෙන්නේ නැහැ. ඒ අයටත් කරදර කරනවා. මේ ගැන අපි හොඳටම ඉවසුවා. තාත්තා බීලා හිටපු වෙලාවක කිව්වා පොඩි වැඩක්‌ තියෙනවා යමු කියලා. ඒ අනුව අපි දෙන්න තීරණය කළා තාත්තව මරන්න. අපි මන්නයකුත් ගත්තා. අපි බයිසිකල් දෙකකින් ගියේ. එකක්‌ තාත්තගේ බයිසිකලය. අපි බණ්‌ඩාරගම ගඟ පහල පැත්තට ගියා. ගඟ අයිනේ යනකොට අපි මන්නයෙන් තාත්තාට කෙටුවා. කොටලා අපි දෙන්නා බයිසිකලයෙන් ආවා. ඒ එනකොට ලේ සහිත මන්නය අපි හෝකන්දර වැවට විසිකළා.

ඝාතනයට යොදාගත් මන්නය සොයා හෝකන්දර වැවේ නාවික හමුදාව මගින් පරීක්‍ෂණයක්‌ ද අරඹා තිබේ.

අත්අඩංගුවට ගත් 22 හා 28 යන වයස්‌වල පසුවන සැකකාර පුතුන් දෙදෙනා බණ්‌ඩාරගම වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කළුතර දිස්‌ත්‍රික්‌a භාර නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්‌කු, පානදුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි පී. ආර්. පී. සේනානායක, සහකාර පොලිස්‌ අධිකාරි ÚÚ සුසිල් විඡේගුණවර්ධන යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ බණ්‌ඩාරගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කේ. ඩබ්. එල්. ගුණවර්ධන මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක මහිලාර්, චන්දන ජයවර්ධන, පොලිස්‌ සැරයන්වරුන් වන අනුර (27061), අජිත් (53665), පොලිස්‌ කොස්‌තාපල් රියෑදුරු පුෂ්පකුමාර (33673), යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post