සරත් කුමාර ගුණරත්න ඇතුළු හයකට අධිචෝදනා

0 Jun 13, 2018 09.26am Gossip

ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සතු රජයේ මුදල් රුපියල් දසලක්ෂ අනූදහසක් වංක ලෙස පරිහරණය කළ බවට හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, ධීවර සංස්ථා හිටපු සභාපති ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට කොළඹ මහාධිකරණයේදී ඊයේ (12) අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබිණි.

විත්තිකරුවන් රුපියල් විසිපන්දහස බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත ඊයේ (12) මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නඩුව ජූලි මස 23 වැනිදාට යළි කැඳවීමට නියෝග කෙළේය.

චන්දන පැල්පිට, පියල් අබේසේකර, සරත් කුමාර ගුණරත්න, උපුල් චමින්ද පෙරේරා, උපාලි ලියනගේ හා ලක්මිණ මුණිදාස යන විත්තිකරුවන් හට ඊයේ (12) එසේ අධිචෝදනා පත්‍ර භාරදෙන ලදී.

2014 දෙසැම්බර් මස 08 හා 2015 ජනවාරි 07 අතර කාලයේදී ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සතු රුපියල් දසලක්ෂ අනූදහසක මුදලක් වංක ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post