ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමේ සාකච්ඡා සාර්ථකයි

0 Jun 07, 2018 09.52am Gossip

ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සඳහා ජනපති, අගමැති හා ශ්‍රීලනිප, එජාප කණ්ඩායම් පෙරේදා(05) දිනයේ සාර්ථක සාකච්ඡාවක් පැවැත්වු බව ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කෙළේය.

වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන ඇමැති දුමින්ද දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ(06) අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අවිස්වාසයක්, විරසකයක්, සැකයක් නොමැති බවද ඇමැතිවරයා පැවසීය.අද(07) මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බවත් එහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද සඳහන් කළ ඇමැතිවරයා ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධාන කටයුතු වලදී පළමුව සිදු කරණුයේ පක්ෂයේ ව්‍යුහය ශක්තිමත් කිරීම යයිද දෙවනුව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ පිළිවෙළ ජනගත කරන බවද කීය. අර්ජුන් ඇලෝසියස් මහතා තමන්ට කිසිදු දුරකතන ඇමැතුමක් ලබාදී නොමැති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 118 ෙදනකුෙග් ලැයිස්තුවක් පිළිබඳව තමා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කළ බවත් එවැනි ලැයිස්තුවක් කොමිසන් වාර්තාවේ නැහැ කියා තමා සිතන බවත් දුමින්ද දිසානායක ඇමැතිවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා-

ජනාධිපතිවරයා සමහර දිනවල දිනකට දෙතුන් වතාවක් අප හමුවනවා. පෙරේදා(05) දින එක්සත් ජාතික පක්ෂයත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට ආණ්ඩු කිරීම පිළිබඳව පිහිටවූ කමිටු මුණ ගැසුනා. මේ සඳහා ජනාධිපතිවරයා සහ අගමැති වරයාත් සහභාගි වූණා. මෙහිදී ඉදිරියේදී කරන වැඩ සටහන් පිළිබඳව ජනතාවට ලබා දෙන සහන පිළිබඳව සාකච්ඡා කළා. මේක ඉතාම සාර්ථක සාකච්ඡාවක් ලෙස හඳුන්වන්න පුලුවන්.

ශ්‍රීලනිපයේ සභාපතිවරයා ජනාධිපතිවරයායි. මේ ආණ්ඩුවේ ප්‍රධානියාත් ජනාධිපතියි. අප ජනාධිපති අපහසුවට පත්වන ආකාරයට කටයුතු කරන්නෙ නැහැ. අප උත්සාහ කරන්නෙ රටේ ජනතාවගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න. අප විශ්වාස කරනවා මෙම සම්මුතිවාදී ආණ්ඩුවේ තිබෙන අඩු පාඩු කම් හදා ගෙන ජනතා බලාපොරොත්තු වරප්‍රසාද වෙනුවෙන් හඩ නැගීමට කාලය උදා වී තිබෙන බව.

ශ්‍රීලනිපය දින 45කින් කරන්න බලාපොරොත්තු වන්නෙ මැතිවරණ ජයග්‍රහණය කරන්නවත් සාමාජිකයෝ එකතුකර ගන්නවත් නොවේ. අපි පළමුව කරන්නෙ පක්ෂයේ ව්‍යුහය ශක්තිමත් කිරීමයි. ශාඛා සමිති, ආසන සංවිධාන කටයුතු, අනුබද්ධ සංවිධානයන්හි ව්‍යුහය කෙසේද කියා අප සොයා බලනවා. තනතුරු වලට පත් කිරිම් පිලිබඳව සොයා බලනවා. දින හතලිස් පහෙන් පසු ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා අපේ වැඩ පිළිවෙල ජනගත කරනවා. 2020 සහ ඉදිරි පළාත් සභා මැතිවරණය පිළිබඳව සලකා බලමින් ශ්‍රිලනිපය කටයුතු කරනවා.

කතාබහට ලක්වී තිබෙන පර්පචුවෙල් ට්‍රෙසරීස් සම්බන්ධ අත්සන් 118ක් පිළිබඳව මම ජනාධිපති සහ අගමැති සමඟත් සාකච්ඡා කළා. මෙම 118 දෙනාම මන්ත්‍රීවරුද කියා අපි දන්නෙ නැහැ. මට දැන ගන්න ලැබී ඇති අන්දමට එහෙම ලැයිස්තුවක් නොමැති බවයි පැවසෙන්නෙ. අර්ජුන් ඇලෝසියස්ගෙ ගිනුම් සොයාගෙන යන විට දවසින් දවස විවිධ මුදල් ලබාදීම් පිළිබඳ හෙළි වෙනවා. ඒ අනුවයි මුදල් ලබාගැනීම් පිළිබඳව හෙළි වන්නෙ. මුදල් ලබා ගත්තෙ අහවලා අහවලා කියා ලැයිස්තුවක් නොමැති බවයි වාර්තා වන්නෙ. 118 ගැන ලැයිස්තුවක් කොමිසන් වාර්තාවේ නැහැ කියා මා සිතනවා. අර්ජුන් ඇලෝසියස් මහතා මට දුරකතන ඇමැතුම් ලබා දී නැහැ. සිංගප්පූරුවේ සිටින එතුමාගේ මාමන්ඩිය මහා බැංකු අධිපති ලෙස මට කීප වතාවක් මුන ගැසී තිබෙන්නෙ අරලියහගහ මන්දිරයේදී සහ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා අවස්ථාවන්හිදී පමණයි. අර්ජුන් ඇලෝසියස් මහතාමට දුරකතන ඇමැතුම් ලබා දුන්නා කියන්නෙ පට්ටපල් බොරුවක්. ඒවා මඩ ප්‍රචාර. ලැබී තිබෙන මාධ්‍ය නිදහස යටතේ ඇතැමුන් මඩ ප්‍රචාර දියත් කරනවා.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post