වව්නියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක්

0 Jun 05, 2018 02.23pm Gossip

වව්නියාව, වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කර්මාන්තශාලාවක හටගත් ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශ වි ඇති බව වව්නියාව පොලීසිය පවසයි.

වව්නියාව පොලීසිය පැවසූවේ තෙල් හිඳින කර්මාන්ත ශාලාවක ඊයේ (04) රාත්‍රියේ ගින්න හටගෙන ඇති බවයි.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවි ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, කර්මාන්ත ශාලාවේ පැවති තෙල් හේතුවෙන් ගින්න ශිඝ්‍රයෙන් පැතිරගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post