සොරාගත් පදක්කම අද ලෙස්ටර්ගේ බිරිඳට දෙයි

0 Jun 01, 2018 10.18am Gossip

අභාවප්‍රාප්ත අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදුවූ දිනයේදී සොරාගත් රණ මයුර පදක්කම නැවතත් අද දිනයේදී එම මහතාගේ බිරිඳ වෙත භාරදීමට නියමිතය.

එම පදක්කම බස් රථයක දමා ගොස් තිබියදී බම්බලපිටිය පොලීසිය විසින් සොයාගනු ලැබුණු අතර පසුව අධිකරණය නියෝග කළේ එම පදක්කම නැවතත් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පවුලේ උදවිය වෙත බාරදෙන ලෙසයි.

 ඒ අනුව බම්බලපිටිය පොලීසිය විසින් අද පෙරවරුවේදී එම පදක්කම බාර දීමට නියමිතය.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post