ජාතිවාදී ප්‍රශ්න ඇතිකරන කිසිම කෙනෙකුට රජයෙන් සමාවක් නෑ
0 May 14, 2018 01.20pm Gossip

පටු දේශපාලන වාසි බලාගෙන ජාතිවාදය අවුස්සන අය නිසා ඇතැම් පුද්ගලයන් ජාතිවාදී ප්‍රශ්න ඇතිකරනවා. අපි රජයක් ලෙස සිංහල බෞද්ධ ජාතිවාදයටත්, මුස්ලිම් ජාතිවාදයටත්, දෙමළ ජාතිවාදයටත් විරුද්ධයි. මේ රටේ සිටිය යුත්තේ එකම ශ්‍රී ලාංකිකයන්. තම තමන්ගේ ආගම් ජාතීන් සංස්කෘතීන් විවිධත්වය ආරක්ෂා කරගත යුතුයි. නමුත් අනිත් ජාතීන්ට එරෙහිව කටයුතු කරනවානම් ඒ අයට කිසිම සමාවක් දෙන්නේ නැහැ. රජයක් ලෙස දැඩි දඬුවම් පමුණුවනවා." යැයි ස්වදේශ කටයුතු අමාත්යද වජිර අබේවර්ධන මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා (12) කීවේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය දා මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිංහල හා මුස්ලිම් කෝලාහලයේ දී නිවාස, ව්‍යාපාර හා ආගමික ස්ථානයන්ට සිදු වූ හානි සම්බන්ධයෙන් වන්දි මුදල් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
මහනුවර දිස්ත්‍රික් ශ්‍රවණාගාරයේ පැවැති මෙම වන්දි ප්රදානයේ දී ප්රූතිලාභීන් 280 දෙනකු සඳහා රුපියල් 8,861,000.00 ක මුදලක් ප්රදානය කෙරිණි.
එහි දී රුපියල් ලක්ෂයකට අඩු වන්දි මුදලකට හිමිකම් කියන අය සඳහා මුදල් ප්රදානය සිදුකෙරුණු අතර ඒ මෙලෙස රජයෙන් වන්දි ප්‍රදානයන් කළ දෙවැනි අවස්ථාවයි.
මේ අවස්ථාව සඳහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍ය ඒ.එම්.එච්.ඒ.හලීම් මහතා, මධ්‍යම පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර මහතා ඇතුළු මැති ඇමැතිවරු ද, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්ද සහභාගී වී සිටියහ.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)
පුවත්
-
ගෝලීය වෙළෙඳපොළින් වාසි සහිතව අරමුදල්
Feb 22, 2019 10.12am Views 0 Read More...ගෝලීය මූල්‍ය වෙළෙඳපොළින් රටට වාසිදායක අයුරින් අරමුදල් ලබාගැනීමට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය
-
වසර 13ක රජයේ වැඩපිළිවෙළ අධ්‍යාපනයේ විප්ලවීය පියවරක්
වත්මන් රජය හඳුන්වා දුන් 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ මෙරට අධ්‍යාපනයේ විප්ලවීය පියවරක් බවද,
-
ඩොලර් මි. 2000ක මුදල් යෝජනාවට කැබිනට් අනුමැතිය
දැනට කැරගෙන යනු ලබන සහ අලුතින් ආරම්භ කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඇමරිකානු -
කෝටි 700 දියමන්තිය සොරාගත් මධුෂ්ගේ ගෝලයා කසුන් දැලේ
මහරගම, ඇරව්වල ප්‍රදේශයේ පිහිටි මැණික් ව්‍යාපාරකයකු සතුව තිබු රුපියල් කෝටි 700 ක් පමණ වටිනා -
රටට අවශ්‍ය පුළුල් ජාතික බලවේගයක්
රටට ආදරය ඇති සියලු දෙනා එක්විය යුතු බව ජනපති කියයි -
උතුරේ සංවර්ධන වැඩ කඩිනම් කිරීමට මධ්‍යම ආණ්ඩුවේ සහාය ලබාදීමට සූදානම්
උතුරු පළාත් සභාව මගින්, උතුරේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් තවදුරටත් -
අවිවාහකයන්ට සෙත: ගොවි සමුප ගම්මානවලට අනුමැතිය
මෙරට ලක්ෂ සංඛ්‍යාත අවිවාහක තරුණයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ගොවි සමුපකාර ගම්මාන’ වැඩසටහනට