සමාජ ජාලා වෙබ්අඩවි අත්හිටුවීම ගැටුම් පාලනයට රුකුලක් වුණා

0 Mar 09, 2018 09.29am Gossip

මහනුවර හා අනෙකුත් ප්‍රදේශවල ඇති වු ගැටුම් පාලනය කිරීමට සමාජ ජාලා වෙබ් අඩවි අත්හිටුවීම මගින් විශාල පිටිවහලක් ලැබුණු බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (8) වාර්තා කර තිබේ.

අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ පැවතී ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේ මේ බව වාර්තා කළේය.

මහනුවර සිද්ධි වැනි තත්වයන් ඇති වන අවස්ථාවල දී ෆේස් බුක් සමාජ ජලා පාලනය කළ යුතු ආකාරය පිළිබඳව ජර්මනිය සහ පිලිපීනය සතු තාක්ෂණ දැනුම ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද ඉහත සාකච්ඡාවේ දී ආරක්ෂක ප්‍රධානින් අගමැතිවරයාට දැනුම් දුන්නේය.

ඊට අමතරව විද්‍යුත්, තැපැල් හා වෙබ් අඩවි පාලනය සඳහා චීනය අනුගමනය කරන තාක්ෂණ ක්‍රම වේද ගැන අවධානය යොමු කර ඒවා මෙරට ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමු විය. ෆේස් බුක්, වයිබර්, වට්ස්ඇප්, ඉමෝ වැනි සමාජ ජාලා මාධ්‍ය අත්හිටු වීමට රජය පෙරේදා පියවර ගත්තේය.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post