තැපෑලේ අවසන් තීරණය අද

0 Jan 05, 2018 09.45am Gossip

තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ එහිදී වෘත්තීය සමිති ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි.

විධිමත් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් නොකිරීමට විරෝධය පළ කරමින් ලබන 10 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමටයි තැපැල් වෘත්තීය සමිති මේ වනවිට තීරණය කර ඇත්තේ. 

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ නිලධාරී කමිටුවක් සමග රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post