පොහොර තොග ලැබුණා: හිඟය අවසන්

0 Jan 04, 2018 09.40am Gossip

පාකිස්ථානයෙන් ගෙන්වීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 40,000ක පොහොර තොගය මේ වනවිට ශ්‍රී ලංකාවට ‍ලැබී ඇති බැවින් මෙතෙක් පැවති පොහොර හිඟය (04)අද වනවිට අවසන් වනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

විශේෂ අවසරයක් මත කොළඹ වරායේ සිට එම පොහොර තොගය ඊයේ (3) රාත්‍රී සිට ලොරි රථ 200ක් යොදා ගනිමින් අවශ්‍ය ප්‍රදේශවලට ‍ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

පාකිස්ථානය පොහොර අපනයනය තහනම් කිරිම හේතුවෙන් මෙරටට පොහොර ලබා ගැනීමේ දී ප්‍රමාදයක් සිදුව තිබූ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පාකිස්ථාන අගමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙරටට පොහොර ලබා දීමට එරට රජය එකඟවූ බවත් ඒ අනුව අදාළ පොහොර තොග මෙරටට ලැබෙමින් පවතින බවත් ඇමැතිවරයා පවසයි. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පොහොර මිල වැඩිවීම ගොවියාට අවශ්‍ය තරම් පොහොර මිලදී ගැනීමට බාධාවක්වී නැතිදැයි මෙහිදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන්

සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ පොහොර සහනාධාරය වැඩිවන පොහොර මිලට සරිලන පරිදි ලබා දෙන නිසා එයින් ගොවියාට කිසිදු අසීරුතාවක් මතු නොවන බවයි.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post