ජානිපෙ නායකයාත් නි. නායක මාත් අතර තිබෙන්නේ මත දෙකක්

0 Dec 06, 2017 10.06am Gossip

මෙවැනි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න ඕනේ ජාතික නිදහස් පෙරමුණ. ජාතික නිදහස් පෙරමුණු නායකයා හා නියෝජ්‍ය නායක වන මා අතර පවතින්නේ මත දෙකක්. නායකයා විශ්වාස කරනවා ඉදිරි මැතිවරණයේදී මෛත්‍රී මහින්ද බෙදී තරග කළොත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියල මගේ මතය එකතුවී තරග කළොත් ජයග්‍රහණය කළ හැකි බව යැයි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (05) දා පස්වරුවේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

දේශාපලනය කවදාවත් සදාකාලික එකට හිදීම්වත් සදාකාලික වෙන්වීම්වත් නැහැ. ඒ දේශපාලනයේ හැටි. මේක වීරකුමාරගේ ප්‍රශ්නයක් නෙමෙයි.

මේ රටේ ප්‍රශ්නයක්. බෙදිලා ගිහින් අපට ජයග්‍රහණය කරන්න බැහැ 2020 ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරණයට තුන් දෙනෙක් ඉදිරිපත් වනවා. අපි බෙදිලා තරග කලොත් රනිල් වික්‍රමසිංහ දිනනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක නායකයෙක්වත් ඔළුව පාවිච්චි කර කතා කරන අය නෙමේ. ගමට ගියාම සුමනක්කාගේ මතය විතරක් රටට ගෙන යන මාර නායකයෝ ටිකක් දැන් ඉන්නේ. නමුත් ඇත්ත දේශපාලනය එය නොවේ. ඉස්සර නායකයෝ කියන දේ තමයි ඉදිරියට අරගෙන ගියේ. දැන් මිනිස්සු කියන දේ අරගෙන යන නායකයෝ ටිකක් ඉන්නේ. මෙහෙම නායකයන්ට පුළුවන්ද රටක් හදන්න. ජනතාවට පඹයන් වගේ නායකයන් වැඩක් නැහැ.

ඉදිරි මැතිවරණයේ දී මෛත්‍රී මහින්ද බෙදී තරග කළොත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා එයගේ මතය. මගේ මතය එකතු වී තරග කළොත් ජයග්‍රහණය කළ හැකි බවයි. මා ඉන්න පක්ෂය මොකක්ද කියන එක මට එච්චර වැදගත් නෑ. දේශපාලන තීරණය හා ගමන තමයි වැදගත් වන්නේ. වීර කුමාර දිසානායක තවදුරටත් ජාතික නිදහස් පෙරමුණත් එක්ක රැදෙනවද? නැද්ද? කියන කාරණාව පිළිබදව ඉදිරියේදී තීරණයක් ගනු ලබනවා යැයි ඔහු පැවසුවේය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post