අපේ රට මාධ්‍යවේදීන්ට අනාරක්ෂිත යුගයක් තිබූ බව අමතක කරන්න එපා

0 Dec 05, 2017 10.04am Gossip

අපේ රට මාධ්‍යවේදීන්ට වඩාත්ම අනාරක්ෂිත ස්ථානයක් බවට පත් වූ යුගයක් තිබූ බව සිහිපත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

එහෙත් යහපාලන රජය යටතේ ප්‍රකාශනයේ නිදහස සඳහා අවශ්‍ය ආරක්ෂිත අවකාශය නිර්මාණය කිරීමේ දී විශාල වශයෙන් සාර්ථක වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධයන්ට දඬුවම් නොලබා සිටීම හා ලෝකය වටා මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කිරීමට, හඬ නැගීමට කැපවී සිටින බව ද අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (04) ඊයේ (04) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භ වූ මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර් ජාතික සමුළුවේ පිළිගැනීමේ කතාව පවත්වමිනි. 

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post