ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනා රිමාන්ඩ්

0 Nov 14, 2017 09.37am Gossip

ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේදි වෙන්කෙරුණු රුපියල් බිලියන 18.5 ක මුදලින් රුපියල් බිලියන 4ක් නිතිවිරෝධී ලෙස හම්බන්තොට හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 15 වනදා දක්වා රක්ෂිතභාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (13) නියෝග කළාය.

මෙලෙස රක්ෂිතභාර ගත කළේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් හපුහින්ද යන තිදෙනා වෙති.

සැකකරුවන් තිදෙනා ජනාධිපති නිතිඥ අලි ශබ්රි, අනිල් සිල්වා, කාලිංග ඉන්දතිස්ස මහත්වරුන් ඇතුලු නිතිඥ මඬුල්ලක් හරහා ඊයේ අධිකරණයට භාර වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ අංක 4 ස්ථානාධිපතිවරයාට ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියෝග කළාය.

තම සේවාදායකයන් රුපියලක තරම් හෝ මුදලක් වංචා කර ලබා ගෙන නැති බවත් අධිකරණයට ප්‍රකාශ කළ නිතිඥ මඬුල්ල සැකරුවන්ට ඇප ලබා දෙන වාචිකව දීර්ඝ ලෙස කරුණූ දක්වමින් සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ඉදිරි දින ලිඛිතව සිදු කරන ලෙස දන්වා සිටියාය.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාමිණී සේදර සෙනරත් මහතා ඉකුත් (09) වනදා අධිකරණයට භාරවීමට තමන් සූදානමින් සිටින බව පසුගිය 06 වනදා නඩුව කැඳවු අවස්ථාවේදී නීතිඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියද එදින අධිකරණයට පැමිණ ප්‍රකාශයක් සිදු කිරිමට අවසර ඉල්ලා සිටියද එම ප්‍රකාශය සිදු කිරිමට මහේස්ත්‍රාත්වරිය ඉඩ ලබා දුන්නේ නැත.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post