දකුණු අහසේ විශාල එළියක්- උල්කාපාතයක්දැයි සැකයක්

0 Oct 19, 2017 09.29am Gossip

දකුණු පළාතේ ප්‍රදේශ රැසකට ඊයේ (18) රාත්‍රියේ විශාල ශබ්දයක් සමඟ මුහුද ප්‍රදේශයේ විශාල එළියක් නිකුත් වූ බව වාර්තා වෙයි.

ඒ අනුව මාතර, අකුරැස්ස, ගාල්ල, දෙනියාය, තංගල්ල ඇතුළු ප්‍රදේශ රැසකට මෙලෙස විශාල ශබ්දයක් සමඟ එළියක් ඇතිව තිබෙන බවට එම ප්‍රදේශයන් හි ජනතාව දැක තිබෙන අතර රාත්‍රි 8.45 - 9.00 අතර කාලයේ දී මෙය දැක තිබේ.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් "දිනමිණ" කළ විමසීමක දී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ කාලසීමාවේ දී කිසිඳු ගුවන් යානයක් එම ගුවන් සීමාවේ පියාසර කර නොමැති බවයි.

බොහෝ විට මෙය උල්කාපාතයක් වියහැකි බවටආචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post