කෝටි දෙක හමාරක නිල් මැණික සොරාගත් සිවුදෙනා දැලේ

0 Oct 18, 2017 09.28am Gossip

රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගලක් සොරකම් කිරීමේ වංචාවක සුල මුළ සොයා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය එම මැණික් ගල හා එය සොරකම් කළ පුද්ගලයන් සිවුදෙනා සොයාගෙන තිබේ.

එක් සැකකරුවෙක් මැණිල් ගල් කපන කොල්ලුපිටියේ ස්ථානයක රියැදුරෙකි. සෙසු සැකකරු පින්තාරුකරුවෙකි. එම සැකකරුගේ මාමණ්ඩිය සහ තවත් අතරමැදියන් වෙයි.

එම මැණික් ගල හිමි ව්‍යාපාරිකයා බේරුවල ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් රිෂ්ලි මොහොමඩ් රිෂ්වාන් නමැති අයෙකි.

පසුගිය මස තුන්වැනිදා ඔහු කුරුවිට ප්‍ර‍ෙද්ශයේ පුද්ගලයකුගෙන් ඉතා වටිනා නිල් මැණික් ගලක් මිලදී ගෙන ඇත.

එම මැණික කපා ඔපදැමීම සඳහා ඔහු එය කොල්ලුපිටිය බගතලේ ප්‍රදේශයේ ස්ථානයකට භාරදී ඇත. ඒ පසුගිය සැප්තැම්බර් 8 වැනි දිනය.

පසු දින ඔහු ව්‍යාපාරික කටයුත්තක් සඳහා බැංකොක් බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු එසේ සිටියදී මැණික කපා ඔප දැමීමට භාරගත් ආයතනයෙන් දුරකථන ඇමතුමක් දී මැණික නැතිවී ඇති බව දැනුම් දී ඇත.

මොහු පසු දිනම බැංකොක් සිට ආපසු පැමිණ පොලිස්පතිවරයාට ඒ සම්බන්ධව පැමිණිල්ලක් කැර තිබේ. ඒ අනුව පොලිස්පතිවරයා වහාම ඒ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසියට භාර දී ඇත.

රහස් පොලිසිය අදාළ මැණික භාරගත් ආයතනයේ ප්‍රකාශ සටහන් කැරගෙන ඒ සම්බන්ධව පරීක්ෂණ සිදුකරමින් සිට එම මැණික් ගල භාරගත් ආයතනයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ පරීක්ෂණ සිදුවෙමින් තිබියදී එම මැණික් ව්‍යාපාරිකයාට ලැබුණු තොරතුරක් මත ඔහු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට දුරකථන ඇමතුමක් දී ඔහුගේ මැණික් ගලට සමාන මැණික් ගලක් ත්‍රිකුණාමලයේදී විකිණීමට සූදානම් වන බව පවසා තිබේ. ඒ පසුගිය 14 වැනිදාය.

ඔහුගේ දුරකතන ඇමතුම ලැබෙනවිට පොලිස්පතිවරයා සිටියේ කිලිනොච්චිය ප්‍රදේශයේ බව පවසයි. ඒ අවස්ථාවේම ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කතා කැර වහාම කණ්ඩායමක් ත්‍රිකුණාමලයට යවා මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව 16 දෙනකුගෙන් සමන්විත පිරිසක් ත්‍රිකුණාමලයට ගොස් පසුගිය 15 වැනිදා පෙරවරුවේ මුත්තූර්හි තෝපුර් හන්දියේදී එම මැණික් ගණුදෙනුවට අදාළ අතරමැදියකු හමුවී ඇත්තේ මැණික් මිලදී ගැනීමට පැමිණි අය ලෙස වෙස්වලාගනිමිනි.

එහිදී අතරමැදියා නියම මැණික නොව එහිදී පෙන්වා ඇත්තේ නියම මැණිකට සමාන ව්‍යාජ එකකි. අනතුරුව ත්‍රස්ත විමර්ශන නිලධාරීන් මාවනැල්ල ප්‍රදේශයේ සිට මැණික මිලදී ගැනීමට පැමිණි අය ලෙස පෙනී සිට තිබුණි‍. 

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post