බැඳුම්කර කොමිසමට කරුණු පැහැදිලි කිරීමට අගමැති සූදානම්

0 Oct 16, 2017 09.38am Gossip

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරිම් ඉදිරිපත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනවාරි 08 දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරිමට බවද එම නිවේදනයේ සඳහන් වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම බැඳුම්කර කොමිසමේ සඳහන් වු නිසා ඒ සඳහා ප්‍රතිචාර දැක්විමට අවස්ථාවක් ලැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පිරිසක් හමුවේ ඊයේ (15) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටිෙය්ය. ෙකාමිසම නිදහස් හා පුළුල් පරීක්ෂණ පවත්වන බැවින් අග්‍රාමාත්‍ය වරයා ෙකාමිසම පිළිගන්නා බවද වැරැදි අදහස් නිවැරිදි කිරීෙම් දැඩි උවමනාවක් ඇති බවද එජාප ජ්‍යෙෂ්ඨයෙක් සදහන් කරයි.

කොමිසම හමුවේ මීට පෙර පැවති සාක්කි විභාගයන් ගැනද, කොමිසම හමුවේ ප්‍රතිචාර දැක්විමට හා අසන ඕනෑම ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්විමට හෝ පැහැදිලි කිරීමකට අගමැති වික්‍රමසිංහ මහතා සුදානමින් සිටින බවද එම එජාප ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් සඳහන් කරයි. පෙර පැවති පාලනයන් මෙන් නොව රජයට හෝ රජයේ නිලධාරින්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හිදි ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට මෙන්ම සොයා බැලිමට රජය සෑම විටම ක්‍රියා කර ඇති බවත් මින් ඉදිරියටත් එම පිළිවෙත අනුගමනය කරන බවටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ග්‍රීක් බැඳුම්කර මගින් රාජපක්ෂ රෙජිමය රටට රුපියල් බිලියන ගණනක් අහිමි කළ බවත් ඒ පිළිබඳව වරදකරුවන්ට දඬුවම් දීම තබා ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමටවත් රාජපක්ෂ රෙජිමය එකඟ නොවු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කරයි.

වර්තමාන රජය සත්‍ය හා නිදහස් විමර්ශන පැවැත්විමට කටයුතු කරන බවත් රට දැන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් මුහුකුරා සිටිය තත්ත්වයෙන් හොඳ මට්ටමකට ගොස් බලයේ සිටින අයගෙන් ප්‍රශ්න කිරිමට පමණක් නොව වරදකරුවන්ට දඬුවම් කිරිමටද කටයුතු කරන බවද අගමැති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මහින්ද රාජපක්ෂ 2013 ජනවාරියේදී අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එම ධුරයෙන් පන්නා දැමූ වකවානුව යටපත් කරමින් නව රජය නීතියේ විශ්වාසනීයත්වය ස්ථාපිත කළ අයුරු ද අගමැතිවරයා පෙන්වා දුන්නේය. එම යුගයේ නීතිය වල්වැදී තිබීමෙන් මහා බැංකුව ‍පවා දූෂිතව තිබිණි.

අගමැතිවරයා පෙන්වා දුන්නේ තමන් 2015දී සිය ධුරය භාරගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම කාර්යය වූයේ නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිව සිටි කාලයේ පෞද්ගලික තැන්පත් කිරීම් පුරුද්ද ඉවත දමා නව සාමූහික රජයේ ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් බැඳුම්කර වෙන්දේසි මගින් විකිණීම වෙතට යොමුවීම බවයි. ජනාධිපති කොමිසම හමුවේ රජයේ තත්ත්වය පෙන්වා දීමට තමන් දැඩි උනන්දුවෙන් සිටින්නේ යහපාලනයට මෙන්ම සිය කාර්යභාරයේ විනිවිද බව පිළිබඳ නව ආදර්ශයක් ස්ථාපිත කිරීමට බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post