ශ්‍රී ලංකා-ඇමෙරිකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය ඇරඹෙයි

0 Oct 03, 2017 09.56am Gossip

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැත්වෙන පළමුවන සහයෝගීතාව, සුදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂික නාවික අභ්‍යාසයේ (CARAT exercise) ඔක්තෝබර් 2 දින පැවැත්වුනු සමාරම්භක උළෙලට ඇමරිකානු නාවික හමුදාවේ අණ දෙන නිලධාරී මයිකල් ටොලිසන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් එන් ඒ එන් සරත්සේන යන මහත්වරු සහභාගී වුහ.

සතියක් පුරා පැවැත්වීමට නියමිත මෙම අභ්‍යාසය තුළින් දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් සහ ගොඩගැනීම්, වෛද්‍ය පුහුණුව සහ ජලය තුල පුපුරන ද්‍රව්‍ය හැසිරවීම පිලිබඳ පුහුණු අවශ්‍යතා සපුරා ගැනීමටත් හැකි වෙයි. 

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post