ගලේවෙල ලූණු ගොවීහු සහන ඉල්ලති

0 Oct 03, 2017 09.54am Gossip

ගලේවෙල ලොකු ලූණු වගාකරන ගොවීන් 200 කගේ පමණ ලූණු අස්වැන්න කුණුවී ඉවත දැමීමට සිදුවීම නිසා ඔවුහු අන්ත අසරණ තත්වයකට පත්වී සිටිති.
 
ඊට හේතු ලෙස ඔවුහු පෙන්වා දෙන්නේ ලූණු අස්වැන්න නෙලීමට අාසන්නව තිබියදී ධාරානිපාත වර්ෂාවක් පැවතීමත් අමුවෙන් අස්වැන්න නෙලීමට සිදුවීම ආදී කරුණුයි.
 
බාහිර කරුණු ලෙස ඔවුහු දක්වන්නේ තමන්ගේ ලූණු තොග දඹුල්ල ආර්ථික වෙළද මධ්‍යස්ථානයට ගෙන යන විට ආනයනික ලූණු තොගගෙන්වා තිබීමත් ඊට පසු රජය විසින් ලූණු බද්ද 100% දක්වා නියම කිරීම මේ තත්ත්වයට හේතු වී ඇති බවයි.
 
මේ නිසා කලින් බලාපොරොත්තුව සිටි ලූණු අස්වැන්නෙන් අඩක්වත් ලබාගැනීමට නොහැකි වූ බව පෙන්වා දෙති.
 
ලබාගත් අස්වාැන්නෙන් කිලෝ දහස් ගණනක් කුනුවී ඉවත දැමීමට සිදුවී ඇති බව ඔවුහු පවසති.
 
මේ නිසා වගාවට ලබාගත් බැංකු ණය ගෙවීමටද නොහැකිවී ඇති බවට ඔවුහු මැසිවිලි නගති.
 
ලූණු කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 55 ක් 60ත් අතර වැයවන පසුබිමක් තුල වෙළදපොලේ රුපියල් 25 දක්වා ලූණු කිලෝවක් අඩුවී තිබීමෙන් තමන්ට ලාභයක් ලැබිය හැකිදැයි ගොවීහු බලධාරීන්ගෙන් විමසති.
 
මේනිසා නියගය හේතුවෙන් ගොවීන්ට ලබා දුන් සහනයන් තමන්ටද ලබා දෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
 
පසුගියදා අප ගලේවෙල ප්‍රදේශයේ කළ සංචාරයකදී අජිත් සුමනසිංහ ,එස්.එ්.රත්නපාල එස්.එම්.කුමාරයන ගොවීන් විසින් ලූණු කුණුවී ඉවත දමා ඇති අන්දම පෙන්වා දුන්හ.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post