කොමිසමේ කාලය දිගු කරනවාද? නැද්ද? තීරණය අද

0 Sep 06, 2017 11.10am Gossip

පසුගිය තුන් වැනිදායින් අවසන් වූ බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය තව දුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අද (06) දිනය තුළ තීරණය කරනු ඇතැයි කොමිසමේ ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාළ කොමිසමේ නිල කාලය අවසන් වීමෙන් පසු එහි කටයුතු තව දුරටත් සිදුකිරීම සඳහා තවත් මාස 6ක කාලයක් ලබාදෙන ලෙස කොමිසම විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගිය රජය සමයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම පිහිටුවනු ලැබූ අතර, කොමිසමේ නිල කාලය අවසන් වුව ද තවමත් එම කාර්යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව එහි ලේකම් එච්. ඩබ්ලිව්. ගුණදාස මහතා පවසයි.

එම කොමිසමට පැමිණිලි 2000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර, ඉන් බරපතළ ගණයේ පැමිණිළි රැසක විමර්ශන සිදුවෙමින් පවතී.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post