උ. පෙළ අදින් අවසන් අශෝභනව හැසිරුණොත් ප්‍රතිඵල අවලංගු කෙරේ

0 Sep 04, 2017 10.01am Gossip

උසස්‌ පෙළ විභාගය අවසන් වන අද (04 දා) කලහකාරී ලෙස හෝ අශෝභන අන්දමින් හැසිරෙන සිසුන් හඳුනාගෙන ඔවුන්ගේ ප්‍රතිඵල අවලංගු කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ෙ-. පුෂ්පකුමාර මහතා 'දිවයින' ට ඊයේ (03 දා) පැවසීය.

එවැනි සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අවශ්‍ය උපදෙස්‌ දී ඇතැයි ද ඒ මහතා කීවේය.

අද පෙරවරු 8.30 සිට 11.00 දක්‌වා පැවැත්වෙන සාමාන්‍ය පොදු පරීක්‍ෂණ විභාගය සඳහා තුන් ලක්‍ෂයකට අධික අයදුම්කරුවන් පිරිසක්‌ පෙනී සිටින බවත් සවස තොරතුරු තාක්‍ෂණය ෂෂ විභාගය පැවැත්වෙන බවත් සඳහන් කළ පුෂ්පකුමාර මහතා උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සැප්තැම්බර් 07 වැනිදා ආරම්භ කරන බව ද පැවසීය.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post