එන්නත් නිෂ්පාදනයට අත ගැසූ ශ්‍රී ලාංකිකයා නිර්වින්දනය කරලා...

0 Sep 03, 2017 10.24am Gossip

රුපියල් කෝටි හතළිහක ආයෝජනයකින් ශ්‍රී ලාංකිකයකු විසින් ඉදිකරන ලද මිනිස්‌ එන්නත් නිෂ්පාදන කම්හලට අනුමැතියදීම සෞඛ්‍ය බලධාරීහු සිව් වසරක්‌ තිස්‌සේ ප්‍රමාද කරමින් සිටිති.

කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපය ආසන්නයේ ඉදිකර ඇති අයිසාලෙස්‌ බයෝටෙක්‌ ෂර්මා ඒ.පී. නම් මෙම කම්හලේ ඉදිකිරීම් අවසන් කර ඇත්තේ 2013 වසරේ ජුලි මාසයේදීය. සම්පූර්ණයෙන්ම ජර්මන් සහ ස්‌විට්‌සර්ලන්ත තාක්‍ෂණයෙන් ඉදිකර ඇති මෙම කම්හලට මිනිස්‌ පරිභෝජනයට අවශ්‍ය එන්නත් නිෂ්පාදන හැකියාව පවතින නමුත් ඖෂධ නියාමන අධිකාරිය කම්හලට අනුමැතිය දීම ප්‍රමාද කිරීම පිටුපස ඖෂධ ආනයනකරුවන්ගේ සෘජු බලපෑම පවතින බව එම අධිකාරියේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

2013 වසරේ සිට මේ දක්‌වා ඖෂධ නියාමන අධිකාරියට ප්‍රධානීහු තිදෙනෙක්‌ පත් වූවත් මෙම ඖෂධ කම්හල පරීක්‍ෂාවට ලක්‌කර එන්නත් නිෂ්පාදනයට අනුමැතිය දීමට ප්‍රමුඛතාවක්‌ ලබාදී නැත.

ඉහළම ප්‍රමිතියෙන් යුත් ඖෂධ ආනයන මිලට දස ගුණයක පමණ අඩු මිලකට මෙරටට සැපයීමට තමන්ට හැකියාව ඇතැයි කම්හලේ හිමිකරු වන ජානක ප්‍රනාන්දු මහතා පවසයි. කම්හලේ ස්‌ථාපිත කර ඇති ඇතැම් මිනිස්‌ එන්නත් නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර පසුගිය සිව් වසර පුරාම අවම වේගයකින් ක්‍රියාත්මක වන බවද එම යන්ත්‍ර සූත්‍ර ක්‍රියා විරහිත කළහොත් නැවත පිළිකා නාශක ඖෂධ සහ මිනිස්‌ එන්නත් නිෂ්පාදනයට යොදාගත නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
 
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post