බෝට්ටුවක් පෙරළී ළමුන් 02ක් මිය යයි

0 Jul 16, 2017 09.51am Gossip

සේරුනුවර මාවිල්ආරු අමුණේ බෝට්ටුවක් පෙරළීමෙන් පාසල් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාවිල් ආරු අමුණ නැරඹීමට කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් සහ ළමුන් 80 ක පමණ පිරිසක් පැමිණ ඇති අතරම එහි සිටි ළමුන් 06 දෙනෙකු අමුණ අසල තිබු බෝට්ටුවක් පදවාගෙන ගොස් ඇත.

බෝට්ටුව පෙරළීමෙන් අනතුරුව සිසුන් 06 දෙනා අනෙක් ළමුන් විසින් බේරාගෙන ඇත.

ඉතිරි දෙදෙනාට පියවි සිහිය නොතිබීම හේතුවෙන් සේරුනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා  මිය ගොස් ඇති බව රෝහල් වෛද්‍යවරයා දන්වා ඇති බව වාර්තාවේ.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ අවුරුදු 11 ක් සහ 18 ක් වයස කැකුණගොල්ල සහ කුරුවීකොටුව ප්‍රදේශවල පදිංචි සිසුන් දෙදෙනෙකි.

මෘත ශරීර සේරුනුවර රෝහලේ තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද(15) පැවැත්වීමට නියමිතය.

සේරුනුවර පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post