සංයුතිය වෙනස් කළ නොහැකි යෝජනාවක් ගෙන එනවා

0 Jul 11, 2017 09.39am Gossip

ආණ්ඩුවට බුද්ධාගමේ නිකායන්ට සහ පාර්ශ්වයන්ට ඇඟිලි ගසා එහි සංයුතිය වෙනස් කළ නොහැකි බවට වන යෝජනාවක් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් වූ විට තමා එයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේ නොමැති වුවොත් සම්ප්‍රදායන් පිළි‍ නොගන්නා ආණ්ඩුවක් බලයට ආවිට හැමදාම බුද්ධාගම අනතුරේ බව සඳහන් කළ අගමැති වික්‍රමසිංහ මහතා බුද්ධාගමට ඇති අනතුරුවලින් ආරක්ෂා කර ගැනිම සඳහා එම යෝජනාවට මහා සංඝරත්නයේ සහයෝගය අපේක්ෂා කරන බවද සඳහන් ‍කළේය.

මහා විහාරයට වැඩිම හානිය සිදු වුණේ සොළීන්ගෙන් නොව වැඩිම හානිය සිදු කළේ වෛතුල්‍යවාදීන් බවද කී අගමැති වික්‍රමසිංහ මහතා බෞද්ධයන් ලෙස බෞද්ධ කේන්ද්‍රස්ථානය වන මහා විහාරය ආරක්ෂා කිරීමට 2003 දි වැඩ පිළිවෙළක් ආරම්භ කළත් එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලද බවද තායිලන්තය, මියන්මාරය සහ අනුරාධපුරය යා කරමින් ථෙරවාදි කේන්ද්‍රස්ථානයක් පිහිටුවන බවද කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යයේ වැලි මළුව ප්‍රතිසංස්කරණය නිමවා පූජා කිරීම වෙනුවෙන් ඇසල පුන් පොහෝදා (08) පැවැති පුන්‍ය මහොත්ස්වය අමතමිනි.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post