කොළඹ කුණු ප්‍රශ්නය විසඳන්න අගමැති යයි

0 Jun 19, 2017 10.45am Gossip

කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ කැළි කසළ සහ අපද්‍රව්‍ය අනවසරයෙන් ගොඩගැසීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබඳ සොයාබැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(18) උදෑසන එහි නිරීක්ෂණයක නිරත වූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද එක්ව සිටියේය.

බෝධිරාජ මාවතේ සහ ශ්‍රී ලංගම බස් නැවතුම්පල අසල ගොඩගසා ඇති කැළි කසළ අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වනු මෙසේ කැමරාවට ගැටිණි. මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රවී කරුණානායක යන මහත්වරුන් ද එක්ව සිටියහ.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post