ඩෙංගු පරීක්ෂණ ගාස්තු අඩුවෙයි

0 Jun 19, 2017 10.16am Gossip

පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල රුධිර පරීක්ෂණ සහ ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අයකරන ගාස්තු අද (19) සිට වහාම අඩුකරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල් බලධාරින්ට පෙරේදා (17) දැනුම් දුන්නේය.

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් රුධිර පරීක්ෂණ වැඩි වශයෙන් සිදුකිරීමට සිදුව ඇති බැවින් එම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. පෞද්ගලික රෝහල් නියාමන පනතට අනුකූලව එම මිල සංශෝධනය සිදුකරන අතර, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව රුධිර පරීක්ෂණ සඳහා අයකරන ගාස්තුව රුපියල් 250ක් ද ඩෙංගු රුධිර පරීක්ෂණය සඳහා අය කරන ගාස්තුව උපරිම රුපියල් 1000ක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post