රණවිරු සැමරුම ජනාධිපති ප්‍රධානත්වයෙන් හෙට

0 May 18, 2017 09.35am Gossip

වසර තිහකට අධික කාලයක් තිස්සේ මේ රටේ පැවති ත්‍රස්තවාදය පරදා මේ රටට නිදහස ලබා දීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදි දිවි පිදූ දහස් සංඛ්‍යාත රණවිරුවන් සිහිපත් කර ඔවුන්ට කෟත ගුණ සැළකීම හෙට දියවන්නාව රණවිරු ස්මාරකය අභියසදී සිදු කෙරේ.

වසරක් පාසා රණවිරුවන් සිහිපත් කර මෙසේ ඔවුන්ගේ දෙමාපියන්, දරුවන්, බිරින්දෑවරුන් සහ වෙනත් ඥාතීන් සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ, වෙනත් මැති අමැතවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, අමාත්‍යංශ ‍ලේකමිවරු, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහෝදර සාමාජිකයන්, ඇතුලු ආරාධිත ප්‍රභුවරුන්ගේද සහභාගීත්වයෙන් හෙට දින පසවරුවේ රණවිරු සැමරුම මහත්අභිමානයෙන් සිදු කෙරේ. ‍රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා පොන්සේකා මහත්මිය ප්‍රුමුඛ එම අධිකාරිය විසින් සංවිධානය කර ඇති මෙම රණවිරු සැමරුම් අවස්ථාවේදි අපේ රණවිරුවන් සිහිපත් කරමින් ඔමුන් වෙනුවෙන්‍ ‍ගෞරව උපහාර දැක්වීයේ සංවේගාත්මක සංවේදී අවස්ථාව කාලයක් තිස්සේ යුද්ධයෙන් පීඩා විඳි මේ ‍රටේ සෑම පුද්ගලයකුගේම නෙතට කඳුලක් නැගෙන සංවේදී අවස්ථාවක් වෙයි.

හෙට පස්වරු 3.30ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම ආරම්භ කෙරෙන මේ උත්සවයේ එම අමුත්තන්ගේ පැමිණීම පස්වරු 4.00 දක්වා සිදුකෙරේ. ජනාධිපති වරයාගේ පැමිණීම පස‍්වරු 4.15ට සිදුවෙයි. ජනාධිපතිවරයා රණවිරු උත්සවය අමතීමෙන් පසු ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණබෙර වාදනය ආරම්භ වෙයි. ඉන් අනතුරුව රණවිරු පුෂ්පෝපහාර දැක්වීම සිදු වෙයි.

රණවිරු සේය අධිකාරිය විසින් සංවිධානය කරන මෙම ප්‍රධාන රණවිරු සැමරුම් උළෙලට අමතරව විවිධ පළාත්වල රාජ්‍ය ආයතන සහ වෙන්ත ආයතනවලින්ද රණවිරු සැමරුම් උත්සව සිදු කෙරේ.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post