නවීනත්වයට ගමන් කිරීමේදී බුදු දහමේ ආදර්ශය විශාලයි

0 May 13, 2017 09.31am Gossip

ලෝකය නවීනත්වයට ගමන් කිරීමේදී බුදු දහමින් ලබාගත හැකි ආදර්ශය අති විශාල බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අගමැතිවරයා මේ අදහස් පළ කෙළේ ඊයේ(12) කොළඹදී පැවැති එක්සත් ජාතීන්ගේ දාහතර වැනි වෙසක් දින සැමරුම් උලෙළට සහභාගි වෙමිණි.

තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවසිය.

බෞද්ධ රටවල් අතර එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව විශාල සේවයක් කර තිබෙනවා. බෞද්ධ දර්ශනය රටක් පාලනය කිරීමේදී යොදා ගැනීම ප්‍රඥා ගෝචර යැයිද එය වත්මන් ආණ්ඩුවට ඉතා වැදගත් බවද කීය. බුදුරජානන් වහන්සේගේ දර්ශනය ලෝකය තුළ විශාල විප්ලවයක් ඇති කළා. බුදු දහම ඉතා ගැඹුරින් හැදෑරිය යුතු දහමක් යැයිද පැවසීය.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post