ජනවරමට අභියෝග කරන්න වෘත්තීය සමිතිවලට අයිතියක් නෑ

0 May 08, 2017 09.12am Gossip

අගමැති බදුල්ලේ දී කියයි

ජනතාව යහපාලන රජයට වරමක් දුන්නේ මේ ර‍ටේ ප්‍රශ්න විසඳීමට බවත් ඒ ජනවරමට අභියෝග කරන්න රටේ වෘත්තීය සමිතිවලට අයිතියක් නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වෘත්තීය සමිති එකතුවී ජනවරමක් ඇති ආණ්ඩුවකට එරෙහිව කටයුතු කරයි නම් ඊට විරෝධය දක්වන බවත් ඒ සම්බන්ධයෙන් තදින් ක්‍රියාකරන බවත් අගමැති වික්‍රමසිංහ මහතා කීය.

විකල්ප අදහස් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඊළඟ මැතිවරණයේදී බලය ලබා දීමට ජනතාවට අයිතියක් ඇති බවද වික්‍රමසිංහ මහතා කීය.

වර්ජනය කිරීම ජනතාවට ද්‍රෝහී වීමක් බව පෙන්වා දුන් අගමැතිවරයා ප්‍රශ්න විසඳනවා මිස රට අරාජිත කිරීමට ඉඩ දිය නොහැකි බව පැවසීය. ප්‍රශ්න විසඳා ගැනීමට සාකච්ඡා කළ හැකි බව පෙන්වා දුන් අගමැතිවරයා කණ්ඩායමක් වැඩ වර්ජනය කළ දවසේ සේවය කළ සියලුම දෙනාට සිය ස්තූතිය පුද කරන බවද පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව ප්‍රකාශ කළේ බදුල්ල ඔනෙක්ස් ‍ොහ්ටලයේදී පෙරේදා (06) පැවැති බදුල්ලේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සහ පක්ෂ ක්‍රියාකාරී සමුළුවේදීය.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post