මෑන්පවර් සේවකයන්ට ඊ.පී.එෆ් ඊ.ටී.එෆ්

0 Apr 07, 2017 09.48am Gossip

මෑන්පවර් සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා ඔවුන්ට සේවක අර්ථසාධක හා සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් හිමිකාරිත්වය ලබාදීමට අවධානය යොමුවි ඇතැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතාපැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ සේවක ප්‍රශ්නය අද ඊයේ පැමිණි එකක් නොවේ. නමුත් මොවුන්ට සාධාරණ විසඳුමක් ලබාදීමට රජයක් ලෙස පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව සියලු මිනිස් බල සමාගම් හිමි හාම්පුතුන් සිය සේවකයන්ට සේවක අර්ථසාධක හා සේවානියුක්තිකයන්ගේ භාරකාර අරමුදල්වල සාමාජිකත්වය ලබාදී ඔවුන්ට එම වරප්‍රසාදය හිමිකර දීම අනිවාර්ය වෙනවා. එමෙන්ම මෙම සමාගම්  කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සිදුකළ යුතුයි.

පෞද්ගලික අංශයේ සේවකයන් විවිධ මට්ටමින් අසුදෙලක්ෂයක් පමණ සිටින අතර ඉන් අර්ථසාධක අරමුදලේ සාමාජික අයිතිය ලැබි තිබෙන්නේ විසිහයක්ෂයකට පමණයි. වැටලීම් සිදුකිරීම කම්කරු නිලධාරින්ගේ පුරප්පාඩු නිසා අඩපණවි තිබෙන අතර උතුරු නැඟෙනහිර පළාත්වල මේ වැටලීම් ඉතාම දුර්වල තත්ත්වයක තිබෙන බවද ඇමැතිවරයා කීය
(අද දෙරණ ඇසුරෙනි)

පුවත්

Recent Post