චීන ආරක්ෂක ඇමැති ශ්‍රී ලංකාවේ සංචාරයක

0 Mar 20, 2017 09.01am Gossip

චීන ආරක්ෂක ඇමැති චෑං වැන් කුවෑං ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පිටත්ව ඇති අතර ඒ මහතා ඊයේ(19) රාත්‍රී 9ට පමණ මෙරටට පැමිණියේය.

චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අමතරව නේපාලයේ ද සංචාරය කිරීමට නියමිතය. චීනය සහ ඉන්දියාව අතර ස්වභාවික බාධකයක් ලෙස ගොඩනැඟී තිබෙන නේපාලය තුළ තම බලපෑම වැඩි කිරීමට චීනය, මෙම සංචාරය අවස්ථාවක් කරගනු ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

චීනය අති විශාල මුදල් කන්දරාවක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇතැයි පෙන්වාදෙන රොයිටර් පුවත් සේවය ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ, වරාය, දුම්රිය මාර්ග සහ මහමාර්ගවලට අරමුදල් සපයා ඇති අතර ඔවුන්ගේ ‘වන් බෙල්ට් වන් රෝඩ්’ ආසියාව හරහා වැඩි ඇති නූතන සේද මාවතේ කේන්ද්‍රස්තානයක් ලෙස ද ශ්‍රී ලංකාව සලකන බව සඳහන් කරයි.

වසර 2014 දී චීන සබ්මැරීනයකට සහ යුද නෞකාවකට කොළඹ වරායට සේන්දුවීමට ශ්‍රී ලංකාව ඉඩ දුන් අතර එය ඉන්දියාවේ දැඩි අවධානයට ලක්විය. චීනය ඉන්දීය සාගර කලාපයේ කරන මැදිහත්වීම් සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බව ද රොයිටර් පුවත් සේවය තවදුරටත් සඳහන් කර තිබේ.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post