ඩෙංගු මර්දන සහායට 1500ක බලඇණියක්

0 Mar 20, 2017 09.00am Gossip

ඩෙංගු මදුරු මර්දන සහායකයින් 1500 බලඇණියක් පිහිටුවීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එහි පළමු අදියර යටතේ බස්නාහිර පළාත සඳහා පමණක් ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500 දෙනකුට පත්වීම් ලිපි පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (18) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකැරිණි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.

ඩෙංගු මදුරු මර්දන කටයුතු පිළිබඳව පුහුණුවෙන් පසු ක්ෂේත්‍ර රාජකාරි කටයුතු සඳහා නව පත්වීම්ලාභීන් අනුයුක්ත කැරිණි. එසේ පත්වීම් ලැබූ 500 දෙනාගෙන් සියදෙනකු ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ මදුරු මර්දන කටයුතු සඳහා අද සිට සේව‍ෙය් යෙදවීමට ද තීරණය කොට ඇත.

මේ උත්සව සභාව ඇමතූ සෞඛ්‍ය ඇමැතිවරයා, එච්.අයි.වී. සහ ඩෙංගු උවදුර අද සෞඛ්‍ය අංශය මුහුණදෙන ප්‍රධාන අභියෝග බව කීය. ඒවායින් රට නිදහස් කරගැනීමට පියවර ගන්නා බව කී ඇමැතිවරයා, 2017 වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 21000 වාර්තාවී ඇතැයි කීය.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post