කොන්දක්‌ විතරක්‌ තිබූණට හරියන්නේ නැහැ; හෘද සාක්‍ෂියකුත් ඕනේbකතානායක කරු ජයසූරිය හේතු පහදයි

0 Mar 19, 2017 09.50am Gossip

"හොඳ දක්‍ෂ අගමැතිවරයෙක්‌ ඉදිද්දී අගමැති හීන මට නැහැ....."

කථානායක කරු ජයසූරිය පසුගිය සතියේ අපේ දේශපාලන කරළියේ වඩාත් කතාබහට ලක්‌වූ චරිතය වූයේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ගත් තීන්දු තීරණ කිහිපයක්‌ නිසාය. මේ තීන්දු දෙපැත්තටම බලපානු ලැබීය. විපක්‍ෂය කථානායක ආණ්‌ඩුවට පක්‍ෂග්‍රාහී යෑයි චෝදනා නගන විට ආණ්‌ඩු පක්‍ෂයෙනුත් චෝදනා නැඟෙන්නට වූයේ විපක්‍ෂයට අනවශ්‍ය ඉඩකඩක්‌ ලබා දෙනවා කියාය. මේ දෙපැත්තෙන්ම පීඩනයට හසුවූ කථානායකවරයා හමු වන්නට අපි කල්පනා කළේ මේ වාතාවරණය පසුබිමේ රටේ තිබෙන දේශපාලන පසුබිම ගැන කතාකරන්නටය.

ප්‍රශ්නය - පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ඔබතුමා මහත් ආන්දෝලනාත්මක සිදුවීමකට මැදිවුණා. ඒ සිදුවීම් මාලාව ගැන අද ඔබතුමා මොනවගේ ස්‌ථාවරයකද පසුවන්නේ...?

පිළිතුර - ඔබ ප්‍රශ්න කරන්නේ දිනේෂ් ගුණවර්ධන මනත්‍රීතුමා සම්බන්ධ අවාසනාවන්ත සිද්ධිය ගැන විය යුතුයි. මා ඊට පිළිතුරු දීමේදී මේ පාර්ලිමේන්තුව මොකක්‌ද කියන එක ගැන පැහැදිලි කිරීමක්‌ කළ යුතුයි. මේ බිහිවෙලා තියෙන්නේ අමුතුම පාර්ලිමේන්තුවක්‌. අපි ඒකේ සංයුතිය බලමු. 2015 මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව මේ පාර්ලිමේන්තුවට තරග කළ පක්‍ෂ අතරින් එක්‌සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධූර 106 ක්‌ ලැබුණා. නිදහස්‌ සන්ධානයට 95 යි. ඉලන්ගෙයි තමිල් අරසු කච්චියට 16 යි. ජ වි පෙ ට 6 යි. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට 1 ක්‌ හා මුස්‌ලිම් කොන්ග්‍රසයට 1 ක්‌ වශයෙන් 225 ක්‌ තේරිලා ඉන්නවා. එතනදී වැඩියෙන්ම ජන්ද ගත්ත පක්‍ෂ දෙක එකතු වෙලා ජාතික ආණ්‌ඩුවක්‌ හදලා තියනවා. එයාලා නිල වශයෙන් ආණ්‌ඩුවට ආවාම විපක්‍ෂය වන්නේ ඊට පරිභාහිරව පාර්ලිමේන්තුවේ ඉතිරි වන පිරිසයි. ඒ අනුව තමයි ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායකයා වෙන්නේ. විපක්‍ෂ නායක, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ආදිය පත් කෙරෙන්නේ අර ඉතිරි වුණ කණ්‌ඩායමේ එකඟතාවය අනුවයි. මෙන්නමේ සංයුතිය ඇතුළේ අද පවතින ප්‍රශ්න පැන නඟින්නට වුණේ අර 95 දෙනාගෙන් කණ්‌ඩායමක්‌ තමන් විපක්‍ෂය ලෙස නම් කර ගනිමින් පෙනී ඉන්නට පටන් ගැනීම නිසයි.

ප්‍රශ්නය - පොඩ්ඩක්‌ නොවෙයි කථානායකතුමනි. එතන මහජන ජන්දයෙන් තේරීපත් මන්ත්‍රීවරු 52 දෙනෙක්‌ම ඉන්නවා...?

පිළිතුර - මම දන්නවා. ඒ අය ජන්දයට ඉදිරිපත් වෙලා තියෙන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන්. එහි නායකයා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එහි පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායකතුමා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා. පක්‍ෂය ගැන නිල වශයෙන් තීන්දු ගන්නේ ඒ අයනේ. ඔය 52 න් කවුරුවත් ඒ නායකයන්ව අභියෝගයට ලක්‌ කරලා තියනවද... නෑ. අඩුම තරමින් නිමල් සිරිපාල ඇමැති තුමාගේ කණ්‌ඩායම් නායකකම වත් මේ කිසි කෙනෙක්‌ අභියෝගයට ලක්‌කරලා නෑ. ඔයවගේ මූලික ගැටලු මතු වුණාම එතනදී එපාය ඒවාට විසඳුම් සොයාගන්න. එතනදි ඉවර කරගන්න ඕන ප්‍රශ්න එතනදී විසඳ ගන්නෙ නැතිව පාර්ලිමේන්තුව ඇතුළට ගෙනත් විප්ලව කරන්න ගියාම තමයි මේ නරක තත්ත්වය නිර්මාණය වුණේ.

මුලදී පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය වෙන් කරවා ගැනීම, පාර්ලිමේන්තු වරප්‍රසාද ආéය ගැන අර මන්ත්‍රීවරු 52 ට ප්‍රශ්න මතු වුණා. නමුත් අපි ඒවා සාකච්ඡා මාර්ගයෙන් විස`දා ගත්තා. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ දොගොල්ලා මේ ප්‍රශ්නය විසඳාගෙන දිනේෂ් ගුණවර්ධන මහතාට කණ්‌ඩායම් නායකත්වය ලබාදී තියන වෙලාවක තමයි විමල් වීරවංශ මැතිතුමා ස්‌වාධීන වෙලා වෙනම කටයුතු කරන්න අවසර ඉල්ලුවේ. එතනින් තමයි මේ අලුත් ප්‍රශ්නය නිර්මාණය වුණේ.

ප්‍රශ්නය - විමල් වීරවංශ මන්ත්‍රීතුමාට සහ කණ්‌ඩායමට ස්‌වාධීන වීමට ඉඩ නොදීම ඔබතුමා නිලබලය පාවිච්චි කර කරන ලද දේශපාලන අසාධාරණකමක්‌. විපක්‍ෂය පෙන්වා දෙනවා අපේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සිටි පක්‍ෂග්‍රාහීම කථානායකවරයා ඔබ බවට...?

පිළිතුර - වැරැදි අදහසක්‌... මම එක්‌සත් ජාතික පක්‍ෂයේ පාක්‍ෂිකයෙක්‌ විéයට පක්‍ෂයට කරපු දේවල් තිබෙන බව ඇත්ත. නමුත් 8 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා විéයට මේ පුටුවේ වාඩිවුණ දවසේ ඉඳලා මම පක්‍ෂය වෙනුවෙන් කරපු දෙයක්‌ නෑ. කොටින්ම මම එදා පටන් සිරිකොත පැත්ත පළාතක ගිහිල්ලත් නෑ. ඒ සිරිකොත පිළිබඳ ගෞරවය අඩුවීම නිසා නොවෙයි. රටේ කථානායකවරයා හැටියට මම ස්‌වාධීනව කටයුතු කරන තරමට දේශපාලනිකව නිර්මාණය කර කථානායක පුටුව දක්‌වා රැගෙන ආ 'සිරිකොත'ට එහි ගෞරවය ලැබෙනු ඇති නිසා.

විමල් වීරවංශ මහතාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මම අධ්‍යයනය කළා. මට එතනදී හැගුම්බරව කටයුතු කළ නොහැකියි. මොකද ඒ සඳහා බලපාන නීතිමය සාධක ගණනාවක්‌ම ව්‍යවස්‌ථාව අනුවත් පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග අනුවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුවත් පැහැදිලිවම තිබෙන නිසා.

2015 අගෝස්‌තු 19 වැනිදා නිකුත් කළ 1928/02 අති විශේෂ ගැසට්‌ පත්‍රය අනුව දේශපාලන පක්‍ෂ 6 ක්‌ මෙවර පාර්ලිමේන්තුව පිළිගෙන තිබෙනවා. එදිනම 1928/03 ගැසට්‌ පත්‍රයට අනුව විමල් වීරවංශ මන්ත්‍රීතුමා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව පිළිගෙන තිබෙනවා. එහෙම මන්ත්‍රීවරයෙක්‌ හෝ කණ්‌ඩායමක්‌ ස්‌වාධීනව කටයුතු කරන්න යනවා නම් මුලින්ම ඒ සඳහා තමන් නියෝජනය කරන පක්‍ෂයේ අනුමැතියයි ගත යුත්තේ. නමුත් විමල් වීරවංශ මන්ත්‍රීතුමාලාට එම අවසරය අදාළ පක්‍ෂයෙන් ලැබුණේ නැහැ. එහෙමනම් ඉල්ලා අස්‌ වෙන්න වෙනවා. එබඳු විටකදී ස්‌ථාවර නියෝග හා ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 99(13) අනු ව්‍යවස්‌ථාවේ සඳහන් වනවා එසේ ඉවත්වූ දිනක සිට මාසයක කාලය ඇතුළත අදාළ මන්ත්‍රීවරයගේ අසුන හිස්‌ වන බව. එතකොට මොකද වෙන්නේ . මම සැලකිල්ලට ගත්තේ එම කරුණුයි.

ප්‍රශ්නය - ඔබතුමා එම කරුණු සැළකිල්ලට ගත යුතු නෑ. ඔවුන්ට ශ්‍රී ල නි පය සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම අනුව එසේ කටයුතු කළ හැකි බවයි අපි දන්නේ..?

පිළිතුර - එක එක පක්‍ෂ විවිධ ගිවිසුම් ගහනවා වෙන්න පුළුවන්. නමුත් මට ඒ එකක්‌ වත් අදාළ නෑ. කථානායකවරයා විපéයට. කථානායකවරයා වැඩ කරන්නේ ව්‍යවස්‌ථාව, ස්‌ථාවර නියෝග, පූර්වාදර්ශ, පාර්ලිමේන්තු සම්ප්‍රදාය වගේ දෙවල් මත පමණයි. ඉතින් අර විදියේ ගිවිසුමක්‌ ශ්‍රී ලංකා එක එක්‌ක තියනවා නම් ප්‍රශ්නය ගොඩින් බේරා ගන්න හැකියිනේ.

ප්‍රශ්නය - පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ එබඳු පූර්වාදර්ශ නැත්තේ නෑ. 2005 දී කථානායක වි ජ මු ලොකුබණ්‌ඩාර මැතිතුමා ජනතා විමුක්‌ති පෙරමුණට ඉඩ දුන්නා පොදුජන එක්‌සත් පෙරමුණෙන් ස්‌වාධීන වෙන්න..?

පිළිතුර - මම දන්නවා. නමුත් ඒ පොදුජන එක්‌සත් පෙරමුණ විරුද්ධ නොවුණ නිසානේ. මෙතන නිදහස්‌ සන්ධානයේ නායකයෝ අවසර දුන්නේ නැහැනේ. සන්ධානයේ මහ ලේකම්වරයා මට ලිතව දැන්වූවා වෙන් වෙනවා නම් වෙන වෙනම ඉල්ලා අස්‌වීම් ලබාදිය යුතුයි කියලා. එතකොට මොකද වෙන්නේ. මේවා ඒ ගොල්ලන්ගේ අභ්‍යන්තර ප්‍රශ්න මිස කථානායකවරයාට අදාළ දේවල් නොවෙයි. අනිත් එක මම හැදෑරුවා 2004 දී රාවුµa හකීම් මහතාටත් මේ වගේ අත්දැකීමකට මුහුණ පාන්න සිදු වෙලා තියෙනවා. එතනදීත් අදාළ පක්‍ෂය අවසර දීලා නැහැ වෙන්වෙලා යන්න.

ප්‍රශ්නය - එතකොට සන්ධානයෙන් තරග කරපු දිනේෂ් ගුණවර්ධනට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් නායකයා ලෙස පෙනීඉන්නටඉඩදීම පූර්වාදර්ශයක්‌ නොවෙයිද...?

පිළිතුර - වැරැදියි... දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට දී තිබෙන අයිතිවාසිකම වැරැදියට අර්ථදක්‌වන්න එපා. එතුමා ඉන්නේ එ. ජ. නි. යේ කණ්‌ඩායම් නායක නිමල් සිරිපාලද සිල්වා ඇමැතිතුමාගේ නියෝජ්‍ය නායකයා විදියට මිස වෙනම කණ්‌ඩායමක නායකයෙක්‌ ලෙස නොවෙයි. ඒක අපි තුන්ගොල්ලා කතාකරලා ඒ අයටත් නියෝජනයක්‌ දෙන්න අවශ්‍ය නිසා එකඟත්වය මත ගත් තීන්දුවක්‌.

ප්‍රශ්නය - හොඳයි... දිනේෂ් ගුණවර්ධන මැතිතුමා නියෝජනය කළ පාර්ලිමේන්තුවේ භූමිකාව ඔහු නොමැති සතියේ ඩලස්‌ අලහප්පෙරුම මන්ත්‍රීතුමාට දෙන්න ඔබ අකමැති වුණේ මොන පදනමින්ද..?

පිළිතුර - සන්ධානයේ අවසරය ලැබී තිබුණේ දිනේෂ් මන්ත්‍රීතුමාට මිස ඩලස්‌ මැතිතුමාට නොවෙයිනේ...

ප්‍රශ්නය - එතනදීත් පැහැදිළි වුණා පාර්ලිමේන්තුවේදී ඔබගේ ''දේශපාලන භූමිකාව'' එක්‌සත් ජාතික පක්‍ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය හා සමාන්තර වන බව..?

පිළිතුර - මොනව නිසා එහෙම කියනවද මම දන්නේ නෑ... ඒක වැරැදි ආකල්පයක්‌. ඩලස්‌ මන්ත්‍රීතුමාගේ ඔය යෝජනාව ආපු වෙලාවේ මම විමසුවා නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමාගේ අදහස. එතුමා සපුරාම ඊට විරුද්ධ වුණාම මම මොනව කරන්නද.

ප්‍රශ්නය - දුර ඉඳන් එන අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව මැතිවරණයකින් සරල වැඩි බහුතරය දිනූ පක්‍ෂය ආණ්‌ඩුව කරනවා. එහි නායකයා අගමැති වනවා. දෙවැනියට වැඩිම ආසන දිනූ පක්‍ෂය විපක්‍ෂය වී ඉන් විපක්‍ෂ නායකයා පත් වෙනවා. මේ සම්ප්‍රදායට අද මොකද වුණේ. අද විපක්‍ෂය මොකක්‌ද...?

පිළිතුර - උත්තරය මම මුලින් දුන්නා. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායකත්වය තීන්දුවක්‌ අරන් රජයේ හවුල්කාරයෙක්‌ වුණාට පස්‌සේ විපක්‍ෂය වන්නේ ඉතිරි 24 දෙනානේ. ඒ අයගේ එකඟතාවය මතයි විපක්‍ෂනායක පත්වුණේ. ඊළඟට දැන් සන්ධානයේ 51 දෙනකුත් විපක්‍ෂය කියලා පෙනී ඉන්නවා.

ප්‍රශ්නය - 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නියෝජනය කරන පාර්ශවය ඡන්ද ලක්‍ෂ 58 ක්‌ ලැබුවා. ඊළඟ මහමැතිවරණයේදී ලක්‍ෂ 48ක්‌ ලැබුවා. ඉතින් මේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතා නියෝජනය සඳහා පාර්ලිමේන්තුවේ යම් සාධාරණ ඉඩක්‌ දිය යුතුයි කියලා ඔබට හිතෙන්නේම නැද්ද...?

පිළිතුර - හිතෙන නිසානේ විශාල වශයෙන් නීතිමය බාධාවන් තිබියදීත් අපි සාකච්ඡා කරලා සන්ධානයෙන් විශාල ඉඩකඩක්‌ පාර්ලිමේන්තුවේ කතා කිරීම සඳහා අපි වෙන් කරලා දුන්නේ. දිනේෂ් මැතිතුමාව පක්‍ෂ නායක රැස්‌වීම්වලට ගත්තා. කාරක සභාවලට එන්න ඉඩ දුන්නා. පියවරෙන් පියවර අපි ඔවුන්ට අයිතිවාසිකම් ලබා දුන්නේ ඔබ කියූ නියෝජනය සලකා බලා තමයි. මේ ඔක්‌කොම කළේ අපි සාකච්ඡාවෙන්, සම්මුතියෙන්.

ප්‍රශ්නය - නමුත් ඔබ එක්‌සත් ජාතික පක්‍ෂයට, ජ. වි. පෙට දක්‌වන අනුග්‍රහය ඒකාබද්ධ විපක්‍ෂයට දක්‌වන්නේ නෑ. ඔබ එ ජා පයට පක්‍ෂග්‍රාහීයි. පක්‍ෂග්‍රාහීයි කියලා විතරක්‌ නොවෙයි... ඔබතුමාගේ කොන්ද පණ නැහැ කියලත් විපක්‍ෂය කියනවා. දැන් බැලුවාම විපක්‍ෂයට අමතරව එක්‌සත් ජාතික පක්‍ෂයේ තරුණ මන්ත්‍රිවරුත් ඔය කතාවම කියනවා. ගිය සිකුරාදා (10) ආණ්‌ඩු පක්‍ෂයේ මැතිඇමැතිවරුන්ගේ හැසිරීමෙන් ඒ බැව් තහවුරු වුණා.?

පිළිතුර - කථානායකවරයකුට කොන්ද පමණක්‌ තිබුණට මදි. කොන්දෙන් විතරක්‌ තීන්දු ගන්න බෑ. ඊට හෘදය සාක්‍ෂියකුත් ඕනෑ. ඒ වගේම ඕනෑම අභියෝගයක්‌ දරාගත හැකි ආත්ම ශක්‌තියක්‌ වගේම ආත්ම සංයමයකුත් හොඳ කථානායකවරයෙකුට අවශ්‍යයයි. මට කොන්ද වගේම ඒ සංයමය ලැබුණේ ආගමෙන් දහමෙන්. අටලෝ දහම ගැනත් මට හොඳ අවබෝධයක්‌ පවතිනවා.

ප්‍රශ්නය - ඔබතුමා කැමති නැද්ද මේ ජනාධිපතිවරයා ඉදිරියේ මේ රටේ අගමැති වෙලා රටට සේවයක්‌ කරන්න..?

පිළිතුර - කිසිම ආසාවක්‌ නෑ. මේ දේශපාලනයට මම ඇතුළුවුණේ පක්‍ෂයේ කලින් හිටපු නායකතුමෙකුගේ ආරාධනයක්‌ අනුව රට ගැන හැඟීමක්‌ ඇතිවයි. එදා පටන් මම හුඟක්‌ වැඩ කළා. හිටපු කාලය තුළ රටට යම් යම් ජයග්‍රහණ රැසක්‌ ලබාදෙන්න අපිට පුළුවන් වුණා. මම ඒවා නැවත කියන්න යන්නේ නෑ. ඒ ඔස්‌සේ මම දේශපාලනයේ දුර ගමනක්‌ පැමිණියා. දැන් මට අවශ්‍ය වෙන්නේ දේශපාලනයෙන් සමුගන්න. සමුගෙන මගේ දුව වෙනුවෙන් සමාජ සේවයට යන්න. මම දැනටමත් සමාජ සේවය කරනවා. අනිත් එක... අපේ රටට අගමැති කෙනකුගේ අඩුපාඩුවක්‌ නෑ. දක්‍ෂ, කාර්යශූර, වැඩ කරන්න පුළුවන් අගමැති කෙනෙක්‌ අපට ඉන්නවා.

ප්‍රශ්නය - පසුගිය දිනවල රටේ දේශපාලන කතිකාව ඇතුළේ කතාවක්‌ ප්‍රචාරය වුණා මෛත්‍රී පාර්ශවයේ පිරිසකුත් එ ජා පයේ පිරිසකුත් මැදිහත්ව මේ අගමැති ඉවත් කර වෙනත් අගමැති කෙනෙක්‌ යටතේ ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න සූදානමක්‌ තියනවා කියලා. සමහරු කියනවා ඒ යෝජිත අගමැති ඔබයි කියලා. මෙහි ඇත්ත නැත්ත මොකක්‌ද..?

පිළිතුර - කතා නම් කාටද කියන්න බැරි. ඒවැයි සත්‍යතාවයක්‌ නෑ. ඒවා අපිට නවත්තන්නත් බෑ... නමුත් මතක තියාගන්න. අපි එදා 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ගොනුවෙලා ජනතාවගෙන් බලය ඉල්ලුවේ මේ රට හදන්න නම් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාටයි රට බාරදෙන්න කියලා. අන්න ඒ ජනවරම අපිට ලැබිලා තියෙනවා. අපි කාටවත් ඒ ජනවරමට පිටුපාන්න බෑ. ඒ වගේම තමයි අගමැති වෙන්න හීන තියන අය ඇති. ඒත් ඒ මම නොවෙයි. අනිත් එක තමයි අර වගේ කතා යන එක අපිට නවත්තන්නත් බෑ.

ප්‍රශ්නය - එවැනි කතා පාර්ලිමෙන්තුව ඇතුළේ හුවමාරු වෙන්නට පටන් ගැනීමත් සමගම ආණ්‌ඩුව ඇතුළෙන්ම තරුණ පිරිසක්‌ ඔබට එරෙහිව විශ්වාසභංගයක්‌ ගේන්න සූදානම් කියලා කතාවතුත් ගියා..?

පිළිතුර - මටත් කවුද කිව්වා.. මෙ තානාන්තරයට මම පත්වුණේ පාර්ලිමේන්තුවෙ හැම දෙනාගෙම කැමැත්තෙන් ඒකමතිකවයි. මම හිතනවා මම ඒ වගකීම විශ්වාසවන්තව ඉටුකළා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ බහුතරය හිතනවා නම් මට ඒ වැඩේ කරන්න බැරිවුණා, මම අසාර්ථකයි කියලා.. මේ පුටුවේ තව දුරටත් රැඳිලා ඉන්න මට අවශ්‍ය නෑ. ඒ වෙනස කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාර්ලිමේන්තුවට තියනවා. මම මේ තනතුරට, නිල නිවසට ආවේ සූට්‌කේස්‌ දෙකක ඇඳුම් ටික දාගෙන. මගෙයි මගේ බිරිඳගෙයි. ඒ සූට්‌කේස්‌ දෙක තවම තියනවා. ඒ දෙක අතේ අරගෙන යන එක මට අමාරුවක්‌ නෑ...

ප්‍රශ්නය - එ ජා පයේ තරුණ මන්ත්‍රීවරු පිරිසකට උවමනයිලු ඔබතුමන් වෙනුවට සරත් ෙµdන්සේකා වැනි දැඩි අදහස්‌ තිබෙන කෙනෙක්‌ව මේ පුටුවට පත් කරගන්න. එහෙම කියලා කතාවතුත් ගියා..?

පිළිතුර - ඔව්... අවස්‌ථාව තියනවා. සුවිසල් හමුදාවක්‌ මෙහෙයවලා ත්‍රස්‌තවාදය පරාජය කරලා රට නිදහස්‌ කරගන්න විශිෂ්ට නායතත්වයක්‌ දීපු එතුමන් මේ වගේ තනතුරක්‌ දරන්නත් හැකියාව තියෙන කෙනෙක්‌ හැටියට මමත් පිළිගන්නවා.
 
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post