තෙල් නැව මුදාහැරීමට කෝටි 76ක්‌ කප්පම් ඉල්ලති

0 Mar 16, 2017 09.08am Gossip

ශ්‍රී ලාංකික නැවියන් අටදෙනකු සමඟ පැහැරගත් ඒරිස්‌-13 තෙල් නැව මුදාහැරීමට නම් ඩොලර් මිලියන 5 ක්‌ (රුපියල් කෝටි 76 ක්‌) කප්පම් ගෙවිය යුතු බව සෝමාලි කොල්ලකරුවන් එමීර් රාජ්‍යයේ අප්‍රිරෝරා නැව් සමාගමට දැනුම් දී ඇත.මෙම නැව සෝමාලියාවේ ප්‍රාන්ත රාජ්‍යයක්‌වූ ප්‍රන්ට්‌ලයින්හි අලුලා වරාය අසල රඳවා ඇති බව වාර්තා වී තිබේ.

නැවට සන්නද්ධ පිරිසක්‌ ගොඩවැදී ඇති බව අලුලා නගරයේ ගෝත්‍රික නායකයකුවූ සලාද් නූර් චන්ද්‍රිකා දුරකථන සබඳතා ඔස්‌සේ විදේශ මාධ්‍යවලට දන්වා ඇත.

මෙම සෝමාලි කොල්ලකරුවන් ඉල්ලා ඇති කප්පම් මුදල කොතෙක්‌දැයි මෙතෙක්‌ හෙළිවී නොතිබිණි.

එම ගෝත්‍රික නායකයා තවදුරටත් පවසා ඇත්තේ ධීවරයන් මෙන්ම මුහුදු කොල්ලකරුවන්ද නැව පැහැර ගැනීම සිදුකර ඇති බවයි.

මෙම තෙල් නැව නීතිවිරෝධී ලෙස සෝමාලියා නැවේ ධීවර කලාපයට ඇතුළු වී මසුන් ඇල්ලීමේ යෙදී සිටි බවටද චෝදනාවක්‌ එල්ල වී ඇත.

ඒරීස්‌ 13 නැව ජිබුති සිට සෝමාලියාවේ මොගඩිෂු වරායට ඉන්ධන ගෙනයමින් සිටි අවස්‌ථාවේ මුහුදු කොල්ලකරුවන්ට අසුවී තිබේ.

මෙම නැවේ සිටින නායකයන්ට කිසිදු අනතුරක්‌ සිදුනොකරන බවද මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රකාශකර ඇත.

මේ අතර බහරේන්හි සිටින ඇමරිකානු පස්‌වැනි නාවුක බළකායද මෙම සිද්ධිය ගැන පරීක්‍ෂණ අරඹා තිබේ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post