සයිටම් විරෝධි අන්තරේ පාගමනට ජල ප්‍රහාර - කඳුළු ගෑස්

0 Mar 14, 2017 09.11am Gossip

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතා පා ගමන කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට ඊයේ (13) පොලිසිය කටයුතු කළේය.

ලෝටස් වටරවුම අසළ පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට යාමට විරෝධතාකරුවන් උත්සහ කිරීමත් සමඟ ‍මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ අතර එක් සිසුවකුද පොලිස් අත්අ‍ඩංගුවට පත් විය.

මෙම පාගමනට එරෙහිව කොටුව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබු සාමකාමීව හා මහජනතාවට හිරිහැර නොවන ලෙස සිදු කරන ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු නොවන ලෙසද අධිකරණය නියෝග කර තිබුණි.

සයිටම් වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම, උසස් අධ්‍යාපන, අධිකරණ ඇමැතිවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (13) සවස පැවැත්වීමට තිබු සාකච්ඡාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට කැඳවීමක් කර නැති බැවින් ඊට විරෝධය පළ කරමින් මෙම විරෝධතා පාගමන කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරිණි.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post