ශ්‍රී ලංකාවට එරෙහි සියලු චෝදනා නිවැරැදි කරනවා

0 Mar 10, 2017 09.27am Gossip

ජිනීවා මානව හිමිකම් කොමිසම ලබා දී ඇති වසර දෙකක කාලය ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව පවතින සියලු චෝදනා නිවැරැදි කර ගැනීමට පියවර ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

යහපාලන ජාතික රජය බලයට පත් වූ පසු 2015 දී ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව අනුව ශ්‍රී ලංකාව සියලු ඉලක්ක සපුරා ඇතැයි ද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, මාධ්‍ය නිදහස, ඝාතන හා අතුරුදහන් කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, සුදු වෑන් සංස්කෘතිය නැති කිරීම ආදි ශිෂ්ට සමාජයට වැදගත් ක්‍රියාමාර්ග රැසක් පසුගිය වසර දෙකේ ගැනීම නිසා තවත් වසර 2ක කාලයක් මෙරටට ලැබී තිබේ.

ජිනිවා මානව හිමිකම් කොමිසම දුන් වසර 2ක කාලයට පසු ශ්‍රී ලංකාවට එරෙහි සියලූ චෝදනා නිවැරැදි කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අදිටන් කර ඇතැයි ද සභානායක කිරිඇල්ල මහතා පැවසීය.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post