ඇඟලුම් සේවිකාවන් ගිය බසය ගසක හැපී 30 දෙනෙක්‌ රෝහලේ

136 Aug 20, 2014 09.31am Gossip

ඇඟලුම් සේවිකාවන් ගිය බසය
ගසක හැපී 30 දෙනෙක්‌ රෝහලේ

පරකඩුව ඇහැලියගොඩ - බී. ජී. විමලවංශ

ඇඟලුම් සේවක සේවිකාවන් රැගෙන අධික වේගයෙන් ධාවනය වූ බස්‌ රථයක්‌ පරකඩුව තිරිමාන ආයුර්වේදය අසලදී පාරෙන් ඉවතට පැන ගසක වැදීමෙන් ඇඟලුම් සේවිකාවන් 30 දෙනකු තුවාල ලබා ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කෙරූ අතර ඉන් 08 දෙනකු බරපතළ තුවාල ලබා ඇති බැවින් ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි.

මෙම සිද්ධිය ඊයේ 19 දා උදෑසන සිදුව තිබේ. ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කළ අයගෙන් පස්‌දෙනකු ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස්‌ ඇත. මෙම බස්‌ රථය කුරුවිට සිට අවිස්‌සාවේල්ල කර්මාන්තපුරයට ඇඟලුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිට තිබේ. ඇහැලියගොඩ පොලිස්‌ රථවාහන අංශයේ ස්‌ථානාධිපති (වැ/බ) උ. පො. ප. ජී. සමරසිංහ මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ කටයුතු සිදු කරති. පොලිසිය පවසන්නේ රියෑදුරුට වාහනය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post