වෙරළේ ඇවිදිමින් සිටි විදෙස්‌ කතට අතවර

309 Aug 20, 2014 09.13am Gossip



වෙරළේ ඇවිදිමින් සිටි විදෙස්‌ කතට අතවර

සුසන්ත අමර බන්දු - අම්පාර විශේෂ

පොතුවිල ආරුගම්බ කුඩා කල්ලි ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට 29 වැනිදා සවස කිසියම් පුද්ගලයෙකු විසින් ලිංගික අතවර කර තිබේ. මෙසේ අතවරයට ලක්‌ව ඇත්තේ එංගලන්ත ජාතික 20 හැවිරිදි කාන්තාවකි.

තමන් අතවරයට පත්වූ බව එම කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇති අතර මේ වනවිට එම විදේශීය කාන්තාව අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී

මෙම කාන්තාව කුඩා කල්ලි වෙරළ තීරයේ ඇවිද යමින් සිටියදී මෙම අතවරයට මුහුණපා ඇත. අදාළ සැකකරු පලාගොස්‌ ඇති අතර මේ පිළිබඳව පරීක්‍ෂණ කටයුතු පොතුවිල් පොලිසිය මගින් සිදුකරයි.
 


(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post