හිල් නිසා ඩුබයිවලින් එලවූ සංචාරකයා

508 Aug 19, 2014 05.09pm Gossip

හිල් නිසා ඩුබයිවලින් එලවූ සංචාරකයා


ලලිත් ප්‍රේමලාල් ..සෞදි අරාබිය

හිස ඇතුළු ශරීරයේ විවිද ස්ථාන වල ආභරණ පැළද ඩුබායි රටට ඇතුළු වීමට පැමිණි 53 හැවිරිදි ජර්මන් ජාතිකයකුට ඩුබායි රාජ්‍යයට ඇතුල් වීමට එරට ගුවන් තොටුපොල බලධාරීන් ඉඩ නොදුන් බව ඩුබායිහි පලවන al-emarat,al-youm පුවත් පත පවසයි.

ශරීරය සිදුරු කරගනිමින් හිස ඇතුළු ශරීරයේ ස්ථාන 453 ක අභරණ පැළද සිටි 53 හැවිරිදි ( rolf bhuchholz)රෝල්ෆ් බචෝල්ස් නමැති මෙම ජර්මන් ජාතිකයා ශරීරය විශාල ලෙස සිදුරු කර ගැනී පිළිබඳව ලෝක වාර්තාවක් තබා ඇති පුත්ගලයෙක් බවද පවසයි.

විවධ ආභරණ සහ අනිකුත් ආයිත්තම් වලින් සැරසී ඇති පුද්ගලයන් අරාබි ජාතිකයින් හූනියම් කරුවන් ලෙස හදුන්වන හෙයින් මෙවැනි පුද්ගලයින් කොතරම් ප්‍රසිද්ධ උවද රටට ඇතුල් වීමට ඉඩ නොදෙන බවද පවසයි.

කෙසේ වුවද මෙම පුද්ගලයා ඩුබායි ගුවන් තොටුපොළට පැමිණීමත් සමග තුර්කියේ ස්තාන්බුල් බලායන ගුවන් යානයක පිටත් කර හැරිය බව අල් එමාරත් -අලුයෝම් පුවත් පත සඳහන් කරයි.


අවසන් වශයෙන් රෝල්ෆ් බචෝල්ස් පවසා ඇත්තේ නැවත කිසි දිනක ඩුබායි රාජ්‍යයට නොපැමිණෙන බවයි.....
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post