අධික වේගයෙන් ගිය යතුරුපැදිය ගසක හැපී තරුණයා මරු දකී

91 Aug 19, 2014 08.53am Gossip

අධික වේගයෙන් ගිය යතුරුපැදිය
ගසක හැපී තරුණයා මරු දකී

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අනුරාධපුර ඔයාමඩුව සිට තන්තිරිමලේ දෙසට අධික වේගයෙන් ගමන්ගත් යතුරු පැදියක්‌ පෙරේදා (17දා) රාත්‍රී ඔයාමඩුව හන්දියේදී මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක හැපීමෙන් සිදුවූ අනතුරකින් දහනව හැවිරිදි තරුණයෙකු මියගොස්‌ එහි පසුපස ගමන් කළ පහළොස්‌ හැවිරිදි ශිෂ්‍යයකු බරපතළ තුවාල ලබා ඇත.

පෙරේදා (17දා) රාත්‍රී 9.30 ට පමණ ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබේ.

මෙම අනතුරින් ඇලයාපත්තුව, ඔයාමඩුවේ පදිංචි පී. ආර්. අමිල සඳකැළුම් නැමැති තරුණයා මියගොස්‌ ඇති අතර ඔහු පැදවූ යතුරු පැදියේ පසුපස ගමන් කළ පහළොස්‌ හැවිරිදි පාසල් සිසුවෙකු වන නිරෝෂන් බණ්‌ඩාර නමැති අය තුවාල ලබා ඇත.

තුවාලකරු ප්‍රතිකාර සඳහා ඇලයාපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට මාරුකර යවා ඇත.

යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ඔවුන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.


(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post