දොස්‌තර යළිත් රිමාන්ඩ්

67 Aug 19, 2014 08.49am Gossip

සැලොන් එකේ
දොස්‌තර යළිත් රිමාන්ඩ්

දොස්‌තර අධිකරණයට.. පිංතූරය - නිමල් දයාරත්න

සමන්ත ඉලේපෙරුම

සැත්කමක්‌ සිදුකිරීමට විදිනු ලැබූ නිර්වින්දන එන්නතක්‌ විෂවීමෙන් වෛද්‍යවරියක මියයැම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි බම්බලපිටියේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයේ හිමිකාර වෛද්‍ය නිමල් ගමගේ ලබන 25 දා තෙක්‌ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එම්. සහබ්දීන් මහතා ඊයේ (18 දා) නියෝග කළේය.

සිද්ධියට අදාළව තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බැවින් සැකකාර වෛද්‍යවරයා රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස පරීක්‍ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්‌ඨාසය කරනු ලැබූ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර වෛද්‍යවරයාව ඉදිරිපත් කරනු ලැබූ අතර කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් වැඩිදුර වාර්තා ගොනු කරනු ලැබීය.

සිද්ධියට අදාළව සිදු කරනු ලබන පරීක්‍ෂණයන්ට මියගිය වෛද්‍යවරියගේ දේහය සම්බන්ධයෙන් පැවති මරණ පරීක්‍ෂණ වාර්තා, අධිකරණ වෛද්‍ය වාර්තා හා රස පරීක්‍ෂක වාර්තා ලබාගැනීමට ඇති බවත් සැකකාර වෛද්‍යවරයාගේ වෘත්තීය පළපුරුද්ද පිළිබඳව පුළුල් පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් දන්වා සිටි අපරාධ කොට්‌ඨාසය ඉදිරියේ ඒ සම්බන්ධ වාර්තා ගොනු කරනු ලබන බවත් අනෙක්‌ සැකකරු තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකාර වෛද්‍යවරයා ලබන 25 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් එදින මරණ පරීක්‍ෂණ සාක්‌කි කැඳවන ලෙසත් නියෝග කළේය.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post