විභාගයට යද්දී රිය අනතුරට ලක්‌ වූ පුන්සරා රෝහලේදී ශිෂ්‍යත්වය ලියයි

328 Aug 18, 2014 09.50am Gossip

විභාගයට යද්දී රිය අනතුරට ලක්‌ වූ
පුන්සරා රෝහලේදී ශිෂ්‍යත්වය ලියයි

සීගිරිය - සරත් එරමිණිගම්මන

දඹුල්ල ඉනාමළුව හන්දිය අසල ඊයේ සිදු වූ රිය අනතුරින් තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සඳලි පුන්සරා (10) දැරියට ඊයේ පැවැති පස්‌වැනි වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට විභාග කොමසාරිස්‌වරයාගේ උපදෙස්‌ මත දඹුල්ල රෝහලේදී පහසුකම් සැපයූ බව රෝහල් අධ්‍යක්‍ෂ දුමින්ද ඩයස්‌ මහතා පැවසීය.

විභාග අධීක්‍ෂණ නිලධාරීන්ගේත්, දඹුල්ල පොලිස්‌ නිලධාරීන්ගේත් ආරක්‍ෂාව යටතේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දැරියට පෙ.ව. 11.50 සිට විභාගයට පිළිතුරු සැපයීමට සුදුසු කාමරයක්‌ වාට්‌ටුව තුළ සකස්‌ කරදුන් බවත් මාධ්‍ය ආයතනවල සම්බන්ධීකරණයෙන් විභාග කොමසාරිස්‌ පුෂ්පකුමාර මහතාගේ උපදෙස්‌ මත අදාළ විභාගයට සිසුවිය පෙනී සිටි බවත් වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

එම දැරියගේ පියා රිය අනතුරකින් මියගොස්‌ ඇති අතර මව මීට වසර අටකට පෙර වෙනත් විවාහයක්‌ සිදුකරගෙන ඇත. දැරිය අත්තම්මා හා සීයාගේ

රැකවරණය යටතේ වැලිහේන පාසලේ ඉගෙනුම ලබයි. ඉනාමළුව විභාග මධ්‍යස්‌ථානයට යමින් සිටියදී ඇය අනතුරට මුහුණපෑවාය.


(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post