හමුදා ට්‍රක් රථය බසයේ වැදී ශිෂ්‍යත්වය අහිමි වෙයි

116 Aug 17, 2014 04.34pm Gossip

හමුදා ට්‍රක් රථය බසයේ වැදී ශිෂ්‍යත්වය අහිමි වෙයි


යුද හමුදා ට්‍රක් රථයක් සහ පෞද්ගලික බස් රථයක් පෙරවරු 7.00ට පමණ දඹුල්ල - හබරණ මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හමුදා ට්‍රක් රථය හඹරණ සිට දඹුල්ල බලා ධාවනය වී ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම නතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සන්ධාන කළේය.

බස් රථයේ ගමන්ගත් පුද්ගලයික් 25 දෙනෙතු සහ ට්‍රක් රථයේ ගමන් කල හමුදා සෙබළුන් තිදෙනෙකු මෙහිදී තුවාල ලබා ඇත.

තුවාල ලැබුවන් අතර අද දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා ගමන් කරමින් සිටි පාසල් දැරියකද සිට ඇති බව පොලීසිය සඳහන් කරන අතර තුවාලකරුවන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post