ගින්දරී 2 ඇවිළෙන්න සූදානම්

0 Jul 17, 2020 09.44am Art

ඉමහත් ජනාදරයට පත් වූ ගින්දරී සිනමාපටයේ දෙවැනි කොටස ගින්දරී 2 නමින් නිර්මාණය වී තිබේ. මේ වන විට එහි සියලු වැඩ කටයුතු අවසන්ව ඇති අතර රටේ තත්ත්වය යහපත් වුවහොත් නොබෝ දිනකින් තිරගත වන බව එහි අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය සරසවියට දන්වා සිටියි.

ගින්දරී 2 උදයකාන්ත මීට වසර කිහිපයකට ප්‍රථම නිර්මාණය කළ බහුභූතයෝ චිත්‍රපටයේ දිගුවකි. බහුභූතයෝ 3 ලෙස ද මෙම චිත්‍රපටය හඳුන්වයි. එම පළමු චිත්‍රපටයේ හඳුන්වා දුන් ටිකිරි නමැති යකින්නියගේ චරිතය ගින්දරී 2 සිනමාපටයේ ද ප්‍රධාන චරිතයයි. එය සුපුරුදු පරිදි පබෝධා සංදීපනී රංගනයේ යෙදෙයි. මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, චුලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, රිචඩ් මානමුදලි, ටිනා ශනෙල්, චංචලා වර්ණසූරිය, ටිශෝන් වැන්හොෆ්, රවීන් වීරසිංහ, නිල්මිණි කෝට්ටේගොඩ, සරත් කොතලාවල, සරත් චන්ද්‍රසිරි, ආනන්ද අතුකෝරාල, කීර්ති රත්නායක, වසන්ත විට්ටච්චි, දිලිප් රෝහණ, සජීව මල්මාලආරච්චිගේ, සුනීතා විමලවීර, තරින්ද්‍රි ප්‍රනාන්දු, උපතිස්ස බාලසූරිය, උදේනි චන්ද්‍රසිරි, අනුර ශ්‍රීනාත්, චතුර පෙරේරා, සිසිර කුමාරතුංග, සරත් පීරිස්, නෝමන් පළිහවඩන, උපුල් ගුණවර්ධන මෙහි චරිත සඳහා රංගනයෙන් දායක වෙති.

කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය මෙන්ම නිෂ්පාදනය උදයකාන්ත වර්ණසූරියගෙනි. කේ. ඩී. දයානන්ද කැමරා අධ්‍යක්ෂවරයාය. සංස්කරණය හා ශබ්ද සැලසුම් ප්‍රවීන් ජයරත්නගෙනි. ඩොනල්්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. ආනන්ද පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂණයකි. නලීන් ප්‍රේමත්න අංග රචනයෙන් ද, ශාන්ති වර්ණසූරිය ඇඳුම් නිර්මාණයෙන් ද, ටෙඩී විද්‍යාලංකාර ක්‍රියාදාම සැලසුමෙන් ද මේ සඳහා දායක වූහ. අශෝක ආරියරත්නගේ නිෂ්පාදන කළමනාකරණයකි. තිලංක ද සිල්වා විශේෂ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය කරන ලදී. මහේෂ් නිෂාන්ත නිශ්චල ඡායාරූපයෙන් දායක විය.
( උපුටා ගැනීම සරසවිය පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post